සිත්රිදුම්

239 37 25
                                    

🏯 තහනම් නගරයේ සැඟවුන කුසුම🏯

Ep 7

     කිම් සොක් වෙදැදුරැතුමා යටතේ හොඳින් ඉගෙනීම් කරන හ්වායොංට දැන් ඔසු වර්ග අැහැට හුරැය.සොක්ජින් සමග කැලයට ගොස් ඔසු වර්ග සොයාගෙන එ්මට මෙන්ම විවිධ ලෙඩ රෝග සඳහා එ්වා විවිධාකාරයෙන් යොදා ගන්නා අාකාරයත් අැය දනී.

"එ් එ් රෝගවලට නියමු වූ ඔසු වර්ග තිබුනත් එ්වා රෝගීන් අනුව වෙනස් වෙන්නත් පුළුවන්.එම නිසා වැදගත්ම දේ වන්නේ රෝගය නොවෙයි ! එය රෝගියා තුළ පවතින ස්වභාවයයි.වැටහුනාද? මෙය හොඳින් මතක තබා ගත යුතුයි ."

"එහෙමයි.වෙදැදුරැතුමනි."

          හ්වායොං ඉතා අාසාවෙන් කැපවෙමින් ඉගෙන ගැනීම කිම් සොක් වෙදැදුරැතුමාගේ සතුටට හේතු විය.චීන දේශයේ පුස්තක වලින් ලද දැනුමත් ගෝර්යෝවෙන් ගත් දැනුමත් දෙකම එක්ව කැටි කොට ගෙන අැය තමන්ගේ මාර්ගය වෙනමම එළිපෙහෙලි කරගනිමින් තිබිණි.

        දිනක් ඉදිරිපස මිදුලෙහි ලූ පැදුරේ ඔසු වියලෙන්නට දමමින් සිටි හ්වායොං  අහම්බෙන් දුටුවේ යම් තරැණියක වෙද මැදුර දෙස උවමනාවෙන් බලමින් විමසිලිමත් වන අයුරැය.දෑත් ගසා දමමින් පැදුරෙන් නැගී සිටි හ්වායොං ද අැය දෙස විපරිමින් බලමින් පෙරමගට විත් අාචාර කලාය.සේද සළුපිලියෙන් මනාව සැරසී සිටි විසිවයස් පමණ පෙනුමැති එ් තරැණියද නිහඬවම පෙරලා හ්වායොං හට ප්‍රති අාචාර කලාය.

"කිම් සොක් වෙදැදුරැතුමා සිටිනවාද ? "

"එතුමා නම්...මේ වෙලාවෙ වෙද මැදුරේ නැහැ."

     හ්වායොංගේ පිළිතුරෙන් තරැණියගේ බලාපොරොත්තු කඩ වූ ලෙසකි.හ්වායොං දෙස බලා මඳ සිනහවක් පෑ අැය නිහඬවම අාපිට යන්නට හැරැණාය.

"අහ් ! එ් වුනත් .....මට හැකියි ඔබතුමියට උපකාර කරන්න ....එය කුමක්දැයි පවසනවානම් ."

    හ්වායොං උනන්දුවෙන් පැවසූ අාකාරයෙන් තරැණිය අාපසු හැරැණාය.

"ඔබ........මා මීට පෙර දැක නැහැ."

"අා....මගේ නම හ්වායොං . තවමත් පුහුණු හෙදියක් වුනත් ......මා කැමතියි උත්සහ කරන්න."

🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼Where stories live. Discover now