🏯තහනම් නගරයේ සැඟවුනු කුසුම 🏯
EPISODE 14
ගෝර්යෝ රජමාලිගය
"රජතුමනි , අගබිසවගේ තත්වය අසාධ්‍යයි."
"ඉතිං ?"
"අහ් .....ප්‍රධාන වෙදැදුරැ පවසන්නේ ...උත්සාහ කර බැලිය හැකි බව පමණයි.!"
"ඉතින් හැකි ලෙස උත්සාහ කර බලන ලෙස පවසනු ! "
"එ...එහෙමයි ."
ප්‍රධාන පාලක පිටව ගියේය.
නොයෙක් විසිතුරැ වියළි මල්වලින් හැඩගන්වා තිබූ යොන්හ්වාගේ දිනපොත සියතට ගත් හේසන් රජු එය නොයෙක් පිට හරවමින් පිරික්සමින් සිටියේය.
"හහ් ! කුඩා දරැවෙකුට කියවීමේ රැචිය වර්ධනය කරවීමට නම් මෙය සුදුසු හැඩයි ."
රජු සිතන්නට වූයේ මුවගට නැගෙන්නට වූ උපහාසාත්මක සිනහවක්ද සමගයි.දිනපොත පුරා ලියා අැති සටහන්ද එ් අතරින් පතර අැඳ අැති සිතුවම් ද නොයෙක් කවි පබැඳුම්ද දුටුවෙකුගේ සිත ක්ෂණයෙන් එ් වෙත අැඳබැඳ තබන්නට සමත් විය.දිනපොත කියවීම අනවශ්‍ය දෙයක් යැයි ඉවත දමන්නට සිතුවද හේසන් රජුටද අවසානයේ සිදු වූයේ එයය.
"කියවාම බලමුකො එහෙනම් ...."
නින්දට යා යුතු වේලාව එළඹ තිබුනත් ඔහු සිය නිදි යහනේ හරි බරි ගැසී වාඩි ගත්තේ දිනපොතද අතැතිවය.
.
.
.
.
.
අගබිසව ශාරීරක වශයෙන් දුර්වල වීම ප්‍රධාන අමාත්‍ය අැතුළු පාර්ශවිකයන්ගේ මහත් කලබලයට හේතු ව්ය.මන්ද ඔවුන්ගේ බලය නිතැතින්ම රඳා පවතින්නේ අගබිසව මත බැවිනි.එබැවින් අගබිසව සුව කරගැනීම සඳහා අග්‍රාමාත්‍ය නොගත් උත්සහයක් නැත.නමුත් කිසිවකින් පලක් නොවුනි .මොහොතින් මොහොත අැය තව තවත් දුර්වල වූවා පමණි."අගබිසවුනි ,
ප්‍රධාන පාලිකාවගේ හඬින් යොන්හ්වා අසීරැවෙන් නෙත් විවර කලාය.
"කු..මක්ද ...කාරණය ?"
"කිම්සොක් වෙදැදුරැතුමා ඔබතුමිය හමුවීමට පැමිණ සිටිනවා.මේ ඊට සුදුසු වේලාව නොවන බව මා කෙතෙක් පැවසුවත් ඔහු ....."
YOU ARE READING
🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼
Historical Fiction"දෙෙවය හරි පුදුමයි නේද.....හ්යොංනිම් ?" "ඔබතුමා කුමක්ද අදහස් කරන්නෙ?" "අනී...මා සිතුවේ ......මා පහත් පන්තියේ උප බිසවකගේ පුතෙකු වෙලත් ඔබ රාජකීය අගබිසවගේ පුතු වෙලත් ....අප අද සිටින තත්වයන් ගැන.එ් ගැන ඔබට පුදුමයක් නැද්ද? " ⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪...