හදවතේ දොරටුව විවර කළ යතුර

172 27 37
                                    

තහනම් නගරයේ සැඟවුනු කුසුම 🏯

EPISODE 21

      රාජකීය සෙබළුන් පිටව ගිය බව සහතික කරගත් කැරලිකරැ වහා හ්වායොංද පසෙකට තල්ලු කරගෙන ගබඩාවෙන් පිටතට පැමිණි අතර අනපේක්ෂිත අයුරින් සොක්ජින් සහ ඔහු මුහුණට මුහුණ ගැටිණි.මොහොතක් කැරලිකරැගේ රැධිරය වෑහෙන අත දෙස බැලූ සොක්ජින් වටපිට ද බලමින් කලබලයෙන් ඔහුව වෙදමැදුරේ අැතුල් කුටියක් වෙත රැගෙන යන්නට යුහුසුළු විය.

    සොක්ජින්ගෙන් ලද රහස් පණිවුඩය අනුව කලබල වූ කිම්සොක් වෙදැදුරැද වහා එහි පැමිණියේය .

"වහා උණු ජලයත් ඔසුත් රැගෙන එන්න.ඉක්මනින් !!"

    කුටිය තුලින් අැසෙන්නට වූ කලබලය හමුවේ හ්වායොං මහත් සේ කුතුහලයෙන් පසු වූවාය.කුටිය තුල කාර්යබහුලව සිටි සොක්ජින් රැධිරය තැවරැනු උඩු කබායද සහිතව සිටි හ්වායොං දුටුවේ සියල්ලටම පසුවය.

"අාහ් ! ඔබ ......."

"අයියණ්ඩි , ඔහු කවුරුන්ද ? ඔහු නොවේද අර .....රතු කැරලිකරැවා යනුවෙන් ......"

"නිහඬ වනු !!! මොන කැරලිකරැවෙක්ද ? ඔබ වැරදියට දැකලා !!! අැයි ඔබ යොන්හ්වා තුමිය සමග නොසිටින්නෙ වැඩකට නැති ඔ්පදූප සොයන වෙලේ අා ?"

   එක්වරම සොක්ජින් කෝපයෙන් මෙන් පැවසූ වදන් වලින් හ්වායොං ගැස්සී ගියාය.වහා ඔහුගෙන් සමාව අයැද සිටි අැය නිහඬව පසෙකට වූවාය.ඉදිරියෙන් වසා තිබූ දොරටුවෙන් අැතුලත සිදුවන දේ ගැන කුතුහලයක් තිබුනත් අැය වහා අැඳුම් මාරැ කර යොන්හ්වා වෙත ගියාය.

"අැයි ඔවුන් එය මගෙන් සඟවන්නට උත්සහ කරන්නෙ ?"

    නොයෙක් ව්ට සිතුනත් එය සිතින් බැහැර කරගන්නට අැය උත්සහ ගත්තාය.එක්වරම සිහින් කෙඳිරිල්ලක් අැසුනෙන් හ්වායොංගේ කල්පනා ලොව බිඳිණි.එය යොන්හ්වාගේ හඬ ව්ය.

"අාහ් ! යොන්හ්වා තුමියනි ....."

      දින ගනනක් සිහිසුන්ව සිටි යොන්හ්වා කොපුල් තෙමමින් ගලා යන්නට වූ කඳුලු දෙපේලියක් සමගින් සෙමෙන් දෑස් විවර කරන්නට වූවාය.

🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼Where stories live. Discover now