තර්ජන ඝර්ජන

140 24 18
                                    

🏯 තහනම් නගරයේ සැඟවුන කුසුම🏯

Ep 10

     " අගබිසවුනි ! රාජකීය වෙදැදුරැ කැඳවිය යුතුයි !!"

    "එපා !! මේක රාජකීය නියෝගයක් !!"

         උදා වී තිබුනේ යහපත් කාලගුණයකින් යුතු දිනයක් වුවත් ගෝර්යෝ අග බිසෝ මාලිගයට නම් එසේ නොවීය.හිමිදිරියේ පටන් නොනවත්වා වමනය දමන්නට වූ යොන්හ්වා අගබිසව නිසා මුළු අගබිසෝ මාලිගයම කැලඹී අැත.නමුත් සැමටම අැති ව තිබූ ගැටලුව වූයේ අැය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීමය.

   "මෙය ....කිසිවෙකුත් දැනගත යුතු නැහැ .එසේ වුවහොත් නුඹලාගේ පවුල් වලට වන දේ දන්නවනේ ?"

   අගබිසවගේ දැඩි හඬට මාලිගා සේවිකාවන් සියල්ලෝ හිස නමන්නට වූවෝය.නමුත් සිදුව අැති දේ සක්සුදක් සේ දැනසිටි ප්‍රධාන පාලිකාවටත් අාරක්ෂකටත් මෙය තවදුරටත් ඉවසා සිටිය නොහැකි විය.අනෙකුත් සියලු සේවක සේවිකාවන් ඉවත් කල ප්‍රධාන පාලිකාව සිය දියණියක ලෙස සලකා යොන්හ්වාට කරැණු පැහැදිලි කරන්නට වූවාය .

   " රාජකීය වෙදැදුරැ හමුවීමට නොහැකි නම් ...පිටතින් රහසේ වෙනත් වෙදැදුරෙක් ගෙන්වන්නද ? ඔබතුමිය ගැන කිසිසේත් වදනොවන කෙනෙකු නිසා .....මෙලෙස අකාලයේ ජීවිතය විනාශ කරගන්නට උත්සහ කරන්නේ අැයි ?"

"මා ....එසේ කලේ නැහැ.සැමවිටම ....කල යුතු හොඳම දේ තමයි ...මා කලේ. තත්වය මඳක් සමනය වූ පසු ' ලියැන්හුවා ෂුයිකු ' (නෙළුම්මල් ජලාශය වෙදමැදුර ) වෙත යා යුතුයි.එතෙක් මට ....තනිව සිටීමට ඉඩ දෙන්න ."

    අගබිසවගේ දුර්වල හඬ ප්‍රධාන පාලිකාවගේ දෙනෙතට කඳුලු නංවන්නට සමත් විය.නමුත් අෑ අගබිසවගේ ඉල්ලීමට ඉඩ දෙමින් නිහඬ වූවාය .

.
.
.
.
.
.
        "අගබිසවුනි , අැත්තෙන්ම මට ....ඔබතුමිය වැටහෙන්නෙ නෑ ."

    කිම්සොක් වෙදැදුරුතුමා පවසන්නට වූයේ බැරෑරැම්වය.නමුත් අැය අසීරැවෙන් සිනාසුනා පමණි.

   "මට පවසන්න ...කී දිනක් ඔබ එ්වා පානය කලාද ? "

   "මොනවා ගැනද ඔබතුමා මේ ......"

🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼Wo Geschichten leben. Entdecke jetzt