තහනම් නගරයේ සැඟවුනු කුසුම 🏯
EPISODE 24
🔥🌞 රත් පැහැයෙන් බැස යන හිරැ සේම,
අාපසු නැග එන හිරැත් .....
පසුව බැස යයි.
කළු වී දැවෙන මගේ හදවත හඬයි .
හදවත පුරවන එ් කඳුලු ....
මම සඟවා ගතිමි .
මට තනිව අාපසු යා නොහැක.
බලාපොරොත්තුවට මම
හෙට දවස භාර කරමි.සුළෙඟ් නාදයත් සමග ...
ගැහෙන මතකයන් ...
ඉරනම සහ....
මෙතෙක් ළඟා විය නොහැකි වූ සිහිනයන් ...
මේ රළු ලෝකය තුළ ...
නැවත ඔබේ දෑත් අතට ගන්න.පක්ෂියෙකු සේ තටු ලැබ..
පියාසලන්නට අවශ්‍යයි මට .
එතෙක් සඟවන්නෙමි උනුසුම් කඳුලු ...
මගේ හදවතින් නැගෙන.මම ,
මාව විශ්වාස කරනවා සහ ...
හෙට දින බලාපොරොත්තුව වෙනුවෙන් ...
සටන් වදින්නෙමි .
මන්ද මට,
නැවතත් තනිවිය නොහැකි බැවිනි.🌞🔥🔴උපුටා ගැනීම - worrier beak dong soo kdrama ost lyrics )
එ් වන විටත් ගෝර්යෝව පුරාම යුධ ගිනි අැවිලෙමින් තිබිණි.පෙර සූදානම් වූ පරිදි මිතුරන් ප්රමුඛ දේශයට හිතෙේෂි බහුතරය යුධ පෙරමුණට ගොස් බෙක්ජේ කැරලිකරැවන් සමග සටන් වදින්නට විය.විටෙක ජයත් විටෙක පරාජයත් අතර දෝලනය වෙමින් පැවති දරැණු සටන් හමුවේ සැලෙන්නට තරම් රණකාමීත්වයෙන් පරිපූර්ණව සිටි කිසිඳු සිතක් සූදානම් වූයේ නම් නැත.
එ් වන විටත් අගනුවර දොාරටු සියල්ල වසා දමා තිබුනු අතර රාජ අණ අනුව කිසිවෙකුට පිට වීමටවත් අැතුළු වීමටවත් ඉඩක් නොවීය.
මාලිගය තවමත් සන්සුන්ය.නමුත් එ් සන්සුන් බව තුළ සැඟව තිබූ බියකරැ බව නම් කියා නිම කළ නොහැකි විය.රාජ සභාවේ බටහිර පාර්ශවය බෙක්ජේ කැරලිකරැවන්ගේ අාක්‍රමණය සම්පූර්ණයෙන්ම රතු කැරලිකරැවාගේ මෙහෙයවීම මත සිදුවන්නක් බව රජුට එ්ත්තු ගැන්වීමට උත්සහ ගත්තෝය.
YOU ARE READING
🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼
Historical Fiction"දෙෙවය හරි පුදුමයි නේද.....හ්යොංනිම් ?" "ඔබතුමා කුමක්ද අදහස් කරන්නෙ?" "අනී...මා සිතුවේ ......මා පහත් පන්තියේ උප බිසවකගේ පුතෙකු වෙලත් ඔබ රාජකීය අගබිසවගේ පුතු වෙලත් ....අප අද සිටින තත්වයන් ගැන.එ් ගැන ඔබට පුදුමයක් නැද්ද? " ⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪...