හද විල පිපි නෙළුම

209 28 51
                                    

තහනම් නගරයේ සැඟවුනු කුසුම 🏯

EPISODE 28 (අවසාන කොටස )
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

         ටේ හ්යොං රජුගේ නව ප්‍රතිසංස්කරණ යටතේ ගෝර්යෝ ජනතාවට සැබෑම ප්‍රතිලාභ ලැබෙන නව යුගයක් උදා වී තිබිණි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

    
    ටේ හ්යොං රජුගේ නව ප්‍රතිසංස්කරණ යටතේ ගෝර්යෝ ජනතාවට සැබෑම ප්‍රතිලාභ ලැබෙන නව යුගයක් උදා වී තිබිණි.එතෙක් රාජ්‍ය නිළධාරීන් බඳවා ගැනීමේ සාම්ප්‍රදායික පටිපාටිය වෙනස් කල ඔහු උස් පහත් කුල බේද නොසලකා දක්ෂතාවයන්ට මුල් තැන දෙන්නට කටයුතු කලේය.එ් නිසාම රාජ්‍යයේ වංශාධිපති බලය තරමක් බිඳී යනු ලැබූ අතර වංචා දූෂණද අවම මට්ටමේ පැවතිණි.

    රාජ සභාව අැමතීමට පමණක් සීමා නොවූ ඔහුගේ කාර්‍යභාර්ය සැමවිටම ප්‍රායෝගික අත්හදා බැලීම් සඳහාද යොමුවිය.

       මිතුරන් වූ ජිමින් සහ යුන්ගිද තම තමන්ට අදාල එ්කකයන්හි සැබෑම දක්ෂයන් සිටිනු දැකීමෙන් මහත් සතුටට සහ අාත්ම තෘප්තියට පත් වන්නට වූවෝය.

         🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

ප්යොංයැන්ග් අගනුවර වෙළඳ වීදිය ! කවදාත් මෙන් මෙදිනත් එය දෙස් විදෙස් වෙළෙඳුන් සහ පාරිභෝගිකයන්ගෙන් පිරී පැවති එකී වීදියේ සැහැල්ලු කතා බහක නිරත වෙමින් ගමන් කරමින් සිටි වැදගතුන් දෙදෙනෙකි.

"රජතුමනි , ඔබතුමාගේ දූරදර්ශී පාලන ක්‍රමය නිසා ...ගෝර්යෝව අද බොහෝ දියුණුවට පත් වෙලා ! අදහාගත නොහැකියි ...මේ මා දකින්නේ මීට වසර බොහෝ ගනනකට පෙර මා දුටු ගෝර්යෝවමද කියා ."

     රජු මඳ සිනා පෑවේය.

"හොසොක් කුමරැනි ,ඉතින් ...මා ඔබට භාර කරන්නේ එවන් රාජ්‍යයක්.සය වසක් පුරා ඔබ රාජ්‍ය පාලනය පිළිබඳ විවිධ අත්දැකීම් ලබමින් පරිනත වූවා.ඉතින්  ඉදිරි වසර කිහිපය තුලදී ගෝර්යෝව බබළන්නට හැකි වේවි කියා සිතනවා ඔබට මුළු ලෝකයක් ඉදිරියේ ."

🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼Where stories live. Discover now