🏯 තහනම් නගරයේ සැඟවුන කුසුම🏯
Ep 13
"ඔ....ඔබ ?"
හ්වායොං විමතියෙන් විමසන විට තරැණියගේ මුහුණ වේදනාව පිරි සිනහවකින් හැඩ විය.
"ෂියාඔ් , ඔබ බොහොම රෑමත් වෙලානෙ.හඳුනාගැනීමට නොහැකි වුනා."
ඔව් ! එ් ෂියාඔ් ! කලකට ඉහතදී චුංසුක් කුමරැගේ පෙම්වතිය ව සිටියේ අැයයි.
"ඔබතුමියට විඳින්නට සිදුවූ කරදර ගැන සැල වුනා.කෙසේ දරාගන්න ද එ් දේවල් ."
"අතීතයේ සිදු වූ දේ සිදුවුණා.දැන් මා ...එ් පිළිබඳ සැලකිල්ලක් නෑ.එ්ත් මට ....ගෞරවයෙන් අමතන්නේ අැයි ? අඩුතරමෙ මා දැන් ....සාමාන්‍ය වැසියෙකුවත් නොවෙයි .ෂියාඔ් මෙනවියනි ."
හ්වායොං වෙතින් දිස් වන්නට වූ එ් දරාගැනීමේ ශක්තිය ෂියාඔ් පුදුම කරවන්නට සමත් ව්ය.
" මේ ගොවිපලට අවශ්‍ය සත්ව අාහාර සපයන්නේ මගේ පියාණනුයි ."
"එසේද ? එය අැසීමත් සතුටක්."
"අහ් ! මා දැනටමත් ප්‍රමාදයි.ඉර බැස යාමට පෙර පැවරී අැති සියලු වැඩ නිමා කල යුතුයි.නැත්නම් දඬුවම් විඳින්න සිදුවනවා නියතයි."
සුන්දර සිනහවක් අැය වෙත තිළිණ කල හ්වායොං හොඳ හුස්මක් ගෙන කඩිනමින් වැඩපල වෙත ගියාය.එ් දුටු ෂියාඔ්ගේ සිත දුකින් පිරෙන්නට විය.
හ්වායොං කුමරිය වහල් භාවයට පත් කරන ලද්දේ අධිරජුගේ අාඥාවකින් වුවත් එ් පිටුපස සිටින මහා හස්තය ගෝර්යෝවේ ටේ හ්යොං කුමරැ බව අැයටද නොරහසකි.ඔහු කුමක් නිසා හ්වායොං කුමරියට වෙෙර බඳිනවාදැයි ෂියාඔ්ගේ සිතේ පැනයක් හටගත්තත් යටගියාව හාරාවුස්සමින් හ්වායොංගේ සිත පාරන්නට අැයට සිත් නොවීය.
"මෙනෙවියනි , සියලු සත්ත්ව අාහාර බෙදා අවසන් ."
එ් ෂියාඔ් සමග පැමිණි ප්‍රධාන සේවකගේ යටහත් පහත් හඬයි.
"එසේද ?"
"නමුත් ...ගැටලුවක් තිබෙනවා."
"එ් කුමක්ද ?"
YOU ARE READING
🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼
Historical Fiction"දෙෙවය හරි පුදුමයි නේද.....හ්යොංනිම් ?" "ඔබතුමා කුමක්ද අදහස් කරන්නෙ?" "අනී...මා සිතුවේ ......මා පහත් පන්තියේ උප බිසවකගේ පුතෙකු වෙලත් ඔබ රාජකීය අගබිසවගේ පුතු වෙලත් ....අප අද සිටින තත්වයන් ගැන.එ් ගැන ඔබට පුදුමයක් නැද්ද? " ⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪...