මතකයක රැඳි රහසක්

179 28 10
                                    

🏯 තහනම් නගරයේ සැඟවුන කුසුම🏯

Ep 9

දින කිහිපයකට පෙර ..........⏳

  "නෙළුම් මලක් සහ හිරැ කිරණක් !" නෙළුම් මලක් විකසිත වන්නේ හිරැ කිරණ නිසයි.ලෝකයක් අලංකාර වන්නේ මේ දෙකම එක්වූ විටයි. මෙය .....මගේ මුත්තණුවන් එකල නිතර පැවසූ දෙයක්.නමුත් එහි අර්ථය නිසි ලෙස වැටහුනේ නම් ....මඳ කලක් ගත වූවාට පසුවයි.

"කුමක්ද එහි අර්ථය ? සැඟවුනු අරැතකුත් තිබේද ?"

"හ්ම්.යොන්හ්වා යන නමෙහි අර්ථය නෙළුම් මල යන්නයි.මා ප්‍රිය කල ඔහුගේ උපන් නාමය 'හේසන් ' යන්නෙහි අරැත හිරැ කිරණ යන්නයි.අප දෙදෙනාටම වෙන් වූ රාජකාරි තිබුනා.එ්වා නිසි ලෙස ඉටුකර ගනිමින් ප්‍රිතිමත් විවාහ ජීවිතයක් ගත කිරීමට බොහෝ කැපකිරීම් කල යුතුව තිබුනා.මුත්තණුවන් එයයි අදහස් කලේ.නමුත් ......මට එය කිරීමට නොහැකි වුනා."

" අ.....අනේ......ඔබතුමියගේ සිත රිදුනා නම් සමාවෙන්න."

"අනී.එය තමයි මගේ දෙෙවය."

"ඔබතුමිය කෙතරම් කරැණාවන්තද .... මා වැනි පුහුණුවන හෙදියන්ට පවා .ඉතිං සියල්ල දෙෙවයට භාර දෙන්න එපා.සියල්ල හොඳින් විසඳේවි."

        මේ යම් ඔසු වර්ග කිහිපයක් සකසා ගැනීමට දින කිහිපයකට පෙර වෙදමැදුර වෙත අා යොන්හ්වා අගබිසව හා හ්වායොං අතර වූ සුහද කතා බහයි.හ්වායොංගේ නිහතමානීකමත් සුහදශීලීබවත් අගය කල අගබිසව අැය හා තවත් කුළුපඟ වන්නට වූවාය.

"හ්වායොං ....."

"ඔව් .යොන්හ්වා තුමියනි...."

"මා ඔබට කතාවක් කියන්නම්.ඔබ අසා තිබෙනවාද චීන දේශයේ හ්වායොං කුමරිය ගැන ?"

     යොන්හ්වා බොහෝ සන්සුන්ව විමසනවිට හ්වායොං මඳක් ගැස්සී ගියාය.

"අාහ් ! තරමක් .....දුරට."

"ඔබ අැය ගැන මොනවගේ දේවල්ද දන්නෙ ?"

"අසා තිබෙනවා .....අැය බොහෝ නපුරැ කෙනෙක් බව.චීන අධිරාජිණිය ලෙසම."

       තමන්ගේම සිත රවට්ටා ගනිමින් හ්වායොං පවසනවිට යොන්හ්වාගේ මුවගින් සිහින් සිනාවක් නැගිනි.

🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼Where stories live. Discover now