කබරගොයෙක් ?

160 22 23
                                    

තහනම් නගරයේ සැඟවුනු කුසුම 🏯

EPISODE 26

"නූයි , බලන්න මම ඔබට ගෙනාව දේ ! මේ සුවඳ විලවුන්  ....මා පර්සියානු දේශයෙන් විශේෂයෙන්ම අානයනය කලේ ඔබ වෙනුවෙන්මයි .! අාහ් ! එතකොට මේ විශේෂ කපුපිලි වලින් කරන ලද වස්ත්‍රය ! එය ඔබ පිළිසිඳගෙන සිටින කාලය තුළ වඩාත් පහසුව ගෙන දෙන බව නම් නිසැකයි .ඔහෝ ! අමතක වුනානෙ ....! ඉතින් මම මේ ගෝර්යෝව පුරා සැරිසරලා තමයි ඔබ වෙනුවෙන් මේ සුවඳවත් මල් පොකුර නෙලාගෙන පැමිණියෙ ."

"ඔ්....බොහොම ස්තුතියි ඔබතුමාට ,යුන්ගි උතුමාණෙනි ."

      නව රජු වශයෙන් ටේ හ්යොං කුමරැ කිරැළු පළදා එ් වන විටත් දින කිහිපයක් ගත ව තිබිණි.ගෝර්යෝව තුළ බොහෝ දේ යහපත් අාකාරයෙන් වෙනස් වෙමින් පැවතියත් හ්වායොං තවමත් අැගේ දුක්බර අතීතයේ ම සිරව සිටින්නට වූවාය.

       සැබැවින්ම අතීතයේ සිදුවූ ඔ්නෑම දෙයක් එතරම් ගනනකට නොගෙන ඉන්නට අැයට හැකියාව තිබිණි.නමුත් එක් දෙයක් හැර ! ටේ හ්යොං කුමරැ හා බැඳුනු සිත ...! එය තවමත් එලෙසමය .නමුත් ඔහු තවත් අැයට අයිති නැත.තවත් ටික දවසකින් රාජකාරිමය වශයෙන් පත් වන යුවතියක හා ඔහුගේ සිත බැඳෙනු අැත.

     ගත වන්නට වූ හැම තත්පරයක් පාසාම සිත පෙලන්නට වූ මතකයන්වල සිරව සුසුම් හෙලමින් සිටි අැයට වැඩි දිනක් නම් එසේ සිටිය නොහැකි විය.මන්ද මිතුරන් තවමත් අැගේ සිනහවම සැමවිට පැතූ හෙයිනි .

" නූයි ! මේ....මා අැඳි රජතුමාගේ නවතම සිතුවමයි .ඔහු විවේක කාලයේ උද්‍යානයට වී පුස්තකයක් කියවමින් සිටි අතරතුරයි මා එය රහසින් සිතුවම් ගත කලේ."

.       ජිමින් කාටත් හොරා රහසින් පවසන්නට වූයේ අත රැඳි සිතුවමක්ද සමගින් වුවත් එ් අැසූ හ්වායොංගේ මුහුණ නරක් විය.

"මට? මට කුමටද ?"

"අා....එයත් එසේද ? එපා නම් ඉතින් කුමක් කරන්නද ? "

"ඔහෝ ! අැයි ඉතිං ඔබතුමා මට එය නිකං ...නිකං බලන්නවත් නොදෙන්නෙ ?"

   ජිමින් මවගට නැගි සිනහව ද තද කරගෙන අත රැඳි සිතුවම දිගහැර පෙන්වූයේය.එ් දුටු හ්වායොංගේ දෙනෙත් විසල් වූ අතර කටත් බාගෙට අැරිණි.

🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼Where stories live. Discover now