තහනම් නගරයේ සැඟවුනු කුසුම 🏯
EPISODE 27
ලීයෙන් කරන ලද කඩුල්ල පැන පොළවටත් නොදැනෙන ලෙස පා අඩි තබමින් එ් පුංචි දෙපා වෙද මැදුරට අැතුළු විය.ඉතාමත් පරික්ෂාකාරීව වටපිට බලමින් එ් දෑස් නිරතුරැ විමසිලිමත් වන්නට වූයේ ජලය බොන්නට ඉවුරට අා මුව පොව්වෙකු විලසිනි.
"ඔ්......අැති යාන්තම් ."
අවට පරිසරයේ අැති වී තිබූ සාමකාමී තත්වයෙන් සෑහීමකට පත් වූ ටේ හී ගැඹුරැ හුස්මක් ගෙන සන්සුන්ව පිට කරමින් සැහැල්ලු වූවාය . අනතුරැව මුව පුරා අැඳුනු සිනහවක්ද සමගින් අනෙක් පසට හැරැනු අැය ව්‍යාඝ්‍රයෙකු දුටු සාවියක සේ ගැස්සී ගියාය.
"ම....මෑණියනි ??".
"කොහෙද ගියෙ ?"
එ් හඬ බොහෝ සන්සුන් ය.ටේ හී ට අනුව වඩාත් භයානක දෙයත් එයමය.
"මේ.....නිකං ...කඩවීදියෙ ....මිතුරන් සමග ටිකක් .....විනෝද වුනා."
" මිතුරන් සමග ? විනෝද වුනා ?"
"යේ යේ."
"එ්කත් එහෙමද ?"
හ්වායොං විමසන අතර ටේ හීගෙ දෑස් අැගේ පිටුපසට කරගෙන සිටි දකුණු අත වෙත යොමු විණි.
"ඔන්න....! එකායි ! දෙකායි !! තුනායි !!! ......."
කෝපයෙන් පිරී යන්නට වූ හ්වායොංගෙ මුහුණ දෙස හොරැහින් බලමින් අැය සිතින් ගනින්නට වූවාය .
"කෑවා තමයි !!! බුදු හාමුදුරැවනේ !!! මෙන්න මිනී මරනෝ !!!!!!!!"
ටේ හී , මිදුල වටා ගස් අස්සෙන් ,පුටු බංකු මතින් කලබලයෙන් කෑ ගසමින් දිව යන්නට වූ අතර හ්වායොං සුපුරැදු ලෙස වේවැලද රැගෙන අෑ පසුපස දිව්වාය.
YOU ARE READING
🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼
Historical Fiction"දෙෙවය හරි පුදුමයි නේද.....හ්යොංනිම් ?" "ඔබතුමා කුමක්ද අදහස් කරන්නෙ?" "අනී...මා සිතුවේ ......මා පහත් පන්තියේ උප බිසවකගේ පුතෙකු වෙලත් ඔබ රාජකීය අගබිසවගේ පුතු වෙලත් ....අප අද සිටින තත්වයන් ගැන.එ් ගැන ඔබට පුදුමයක් නැද්ද? " ⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪...