තහනම් නගරයේ සැඟවුනු කුසුම 🏯
EPISODE 19
බෙක්ජේ රාජධානිය
"රජතුමනි , ""කෙසේද තත්වය ?"
"සියල්ල සැලසුම් කල ලෙසම හොඳින් සිදු වෙනවා රජතුමනි .නමුත්......."
"නමුත් ?"
"එක් බාධකයක් තිබෙනවා."
"බාධකයක් ?"
"එහෙමයි.ටේ හ්යොං කුමරැ ! ඔහු අප ගැන දැනටමත් අවධානයෙන් ."
"එසේද ? ඔහු සහ හේසන් රජු අතර අැති විරසකයෙන් ....අප උපරිම ප්‍රයෝජන ලබා ගත යුතුයි.කල යුතු දේ .....මා අමුතුවෙන් පැහැදිලි කරදිය යුතු නැහැනෙ."
"ඔබතුමාට අවශ්‍ය ලෙස සියල්ල සිදුවේවි ."
රහස් පණිවුඩ කරැවාගේ අවසන් වදන් බෙක්ජේ රජුගේ මුහුණේ කුරිරැ සිනහවක් අැති කරවීය .
.
.
.
.
.
.
.ගෝර්යෝ රාජධානිය
එය එක්තරා නිවහනක පවත්වන්නට නියමිත රහසිගත හමුවක් විය. මූලාසනය දෙපස අසුන්ගෙන සිටි සියලු දෙන බලාපොරොත්තුවෙන් සිටි එ් මොහොත උදා විය.එක්ව නැගී සිට කරන ලද ගෞරවනීය අාචාරයෙන් පසු ඔවුහු සිය නායකතුමා ඉදිරියේ නැවත අසුන් ගත්තෝය.
"ටේ හ්යොං කුමරැනි , තත්වය තවත් බරපතල වීගෙන එන බව නම් නිසැකයි ."
පැසුණු කෙස් අැති නිළධාරියෙක් බැරෑරැම්ව පැවසූ වදන් ටේ හ්යොං කුමරැ කලබලයකින් තොරව සාවධානව අසා සිටින්නට වූයේය.
"කුමක්ද ඔබ අදහස් කරන්නේ ?"
"මාලිගය හැමතැනම බෙක්ජේ චරපුර්ෂයන්.සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ යුධ අමාත්‍ය යන දෙදෙනාම ඔවුන් හා සෘජුවම සබඳතා පවත්වන බව තහවුරැ වුනා.හේසන් රජුගේ ප්‍රධාන පාලක පවා ඔවුන්ගේ කෙනෙක්.!"
"එසේද ?"
"කුමරැනි , කුමක් හෝ ඉක්මන් පියවරක් ගත යුතුයි.නැතිනම් අප සැම නොබෝ දිනකින්ම සතුරන් යටතට පත් වන බව නිසැකයි."
YOU ARE READING
🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼
Historical Fiction"දෙෙවය හරි පුදුමයි නේද.....හ්යොංනිම් ?" "ඔබතුමා කුමක්ද අදහස් කරන්නෙ?" "අනී...මා සිතුවේ ......මා පහත් පන්තියේ උප බිසවකගේ පුතෙකු වෙලත් ඔබ රාජකීය අගබිසවගේ පුතු වෙලත් ....අප අද සිටින තත්වයන් ගැන.එ් ගැන ඔබට පුදුමයක් නැද්ද? " ⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪...