🏯 තහනම් නගරයේ සැඟවුන කුසුම🏯
Ep 8
"අගබිසවුනි , කුමක් හෝ පිළිබඳ ....සිත් තැවුලෙන්ද ?"
එක්වරම පිටුපසින් අැසෙන්නට වූ ප්‍රධාන පාලිකාවගේ හඬින් කල්පනාවෙහි නිමග්නව සිටි යොන්හ්වා ගැස්සී ගියාය.අගබිසෝ මාලිගා උයනේ මනරම් වටපිටාවක පිහිටා තිබූ නෙළුම් මලින් පිරි පොකුණ මැද අංගනයෙහි අසුන් ගෙන සිටි අැය ප්‍රධාන පාලිකාව දෙස බලා මඳ සිනහවක් පෑවාය.
"සිනහවෙන් නම් කිසිවක් සැඟවිය නොහැකියි.මා හොඳින්ම දුටුවා ඔබතුමියගේ මුහුණෙහි වූ හැඟීම්.මේ අවට ගස්වැල්වලට කතා කල හැකි නම් .... ඔබතුමිය පිළිබඳ බොහෝ දේ කියාවි ."
ප්‍රධාන පාලිකාව පවසද්දී සුසුමක් හෙළුෑ යොන්හ්වා අාපසු පොකුණ දෙස බැලුවාය.
" පාලිකා මින් .....
"එහෙමයි අගබිසවුනි ,"
"මා දැන් .....කුමක්ද කළ යුත්තේ ?"
"යේ ?"
"රජතුමාට ලබා දෙන ඔසු වට්ටෝරැව ! මා ඊට ........කුමක්ද කළ යුත්තේ ?"
නොදැනුවත්වම දෑස්වලට එක් වූ කඳුලුත් සමග පාලිකා මින් දෙස බැලූ යොන්හ්වා අාපහු පොකුණ දෙසට හැරැණාය.දෑස් අග රැඳි කඳුලු කොපුල් තල තෙමන්නට වුවත් එ්වා සඟවන්නට අැයට උවමනාවක් නොවීය.මන්ද මවක මෙන් කුඩා කල පටන් අැය රැකබලාගත් පාලිකා මින්ට සැඟවීමට කිසිවක් අැය සතු නොවූ නිසාය.
" මේ සියල්ලටම හේතුවත් මහරජතුමාමයි !"
"වදන් ප්‍රවේසමෙන් !"
"කෙසේද ඉවසන්නෙ ? කාටද බලාසිටිය හැකි මෙතරම් යහපත් අපේ අගබිසවගේ ඉකිබිඳුම් ?"
ප්‍රධාන පාලිකාව කෝපය මුසු සංවේගයෙන් එලෙස පවසද්දී අාරක්ෂක ද එය අනුමත කරමිනි හිස සැලුවේය.එවෙලෙහි අගබිසවගේ දෙනෙතින් කඳුලක් කඩන් වැටුනේ ය.
"මේ මාර්ගය..... මා විසින් තෝරා ගත්තක් .සෑම අගබිසවකම පතන අාකාරයේ ....මල් අැතිරෑ මාවතක් නොවුනත් ;කෙතරම් ගල් බොරළු තිබුනත් ...කාලය අාපසු හරවා නැවත තෝරාගැනීමක් ලැබුවත්.......එසේ වුවත් මා තෝරාගන්නේ මේ මාර්ගයමයි දන්නවද ?"
YOU ARE READING
🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼
Historical Fiction"දෙෙවය හරි පුදුමයි නේද.....හ්යොංනිම් ?" "ඔබතුමා කුමක්ද අදහස් කරන්නෙ?" "අනී...මා සිතුවේ ......මා පහත් පන්තියේ උප බිසවකගේ පුතෙකු වෙලත් ඔබ රාජකීය අගබිසවගේ පුතු වෙලත් ....අප අද සිටින තත්වයන් ගැන.එ් ගැන ඔබට පුදුමයක් නැද්ද? " ⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪...