රතු කැරලිකරැවා

114 21 33
                                    

තහනම් නගරයේ සැඟවුනු කුසුම 🏯

EPISODE 20

"මොනවා !!!!!! ටේ හ්යොං කුමරැට මරණ දඬුවම නියම කරලා ??"

"එහෙමයි .රජතුමාගේ රාජකීය අාඥාවකිනුයි එසේ කර තිබෙන්නේ !"

"දෙවියනේ .....!!!! කුමක් නිසාද එ් ? "

"රජතුමා ඔහුට අගනුවර තහනම් කර තිබුනත් ...දිගින් දිගටම ඔහු එ් නීති කඩ කරමින් ක්‍රියා කල බව තමයි අාඥාවේ දක්වා තිබෙන්නේ .!"

       ටේ හ්යොං කුමරැ පිළිබඳ රජු ගත් තීරණය ලැව් ගින්නක් සේ ගෝර්යෝව පුරා පැතිර යන්නට වූ අතර ඔහුගේ මරණ දඬුවම පිළිබඳ මහජනතාව දැනුවත් කරනු පිණිස අැලවුනු පත්‍රිකා මුළු රාජ්‍ය පුරා දැන්වීම් පුවරැ වල අැලවිණි.

"අනේ දෙවියනේ .....අැයි එතුමාට මෙසේ සිදු වුනේ."

    බොහෝ ජනී ජනයා ටේ හ්යොං කුමරැට සිදුවන්නට යන විපත වෙනුවෙන් දුක් වන්නට වූ අතර පෙර සිටම ඔහුට පක්ෂපාතී වූ වංශාධිපතීන් සහ උගතුන් මාලිගය ඉදිරිපිට උද්ඝෝණය කරන්නට විය. නමුත් මේ සියලු පාර්ශව අතර සිටි බෙක්ජේ චර පුර්ෂයන් ඔවුන්ගේ සිත් වෙනස් කරන්නට උත්සහ දරන්නට වූ අතර අැතැම් පිරිස් ඔවුන් හා කලහ කරන්නටද විය.

        මේ සියල්ල අතරේ නෙළුම්මල් ජලාශය වෙදමැදුරද නොසිතූ නිහඬතාවයෙන් ගිලී තිබිණි.යුන්ගි ,ජිමින් ,සොක්ජින් මෙන්ම යොන්හ්වා සහ කිම්සොක් වෙදැදුරැත් රජුගේ මෙම අාඥාව නිසා බොහෝ කලබලයට පත්ව සිටියෝය.

"ඔහු අත යම් යම් වැරදි තිබෙන බව අැත්තක්.නමුත් මරණ දඬුවම වැන්නකට නම් කිසිසේත්ම සුදුසු වන්නේ නෑ ඔහු."

"ටේ හ්යොං කුමරැ යනු දැඩි දේශහිතවාදී පුද්ගලයෙක්."

"එපමණක් නොවෙයිනෙ.එ් සියල්ලටම පෙර ඔහු අපේ සමීපතමයෙක් නොවේද කුමක් සිදුවුවත් .! "

"මෙය මෙසේ සිදුවන්නට ඉඩ දිය නොහැකියි .!"

     මිතුරන් එසේ අාවේගයෙන් සිය හැඟීම් පල කරන අතරේ රජුගේ තීරණය නිසා දුකටත් කලබලයටත් පත් යොන්හ්වා දැඩි ලෙස ගිලන්ව සිටියාය.හ්වායොං සැමවිටම අැය වෙනුවෙන් සත්කාර කරන්නට වූ අතර නමුත් එ් කිසිවකින් පලක් වූ බවක් පෙනෙන්නට නොවිණි.

🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼Where stories live. Discover now