අඳුරැ වළාවක රිදී රේඛාවක් !

143 25 4
                                    

🏯 තහනම් නගරයේ සැඟවුන කුසුම🏯

Ep 12

   "මෑණියනි ....."

   "එලෙස අමතන්න එපා මට !"

   "එසේනම්.....අගබිසවුනි.....මම .....ඔබතුමියගේ පාද පිරිමදින්නද ? එ්වා ....බොහෝ රිදුම් දෙනවා අැති ."

"නුඹ .....උමතුවෙන්ද ?"

"මං නිසා නේද .....හැමදේම මෙලෙස අවසන් වන්නේ? එ්ත්.....මං ....කිසි වරදක් කරලා නැහැ.අවැසි වුනේ...සියලු දෙනා සතුටින් ....සිටිනු දැකීමටයි ."

"හහ් ! සතුටින් සිටීමට ? සියලු දෙනා ? නුඹ තවම මේ ලෝකය ගැන දන්නේ නැහැ.බලය නොමැති තැන ....මෙය කෙතරම් කුරිරැ ලෝකයක්දැයි .....නුඹ දන්නේ නැහැ."

" මා නොදැන සිටි  දේ නම් ....ඊට බොහෝ වෙනස් . කිසි වරදක් නොකරත් .....ඔබතුමිය සහ අධිරජු .....චුංසුක් කුමරැ සහ ලුසියාන් කුමරිය .....මා එතරම් පිලිකුල් කලේ අැයි දැයි දන්නේ නැහැ.කුඩා කාලයේ පටන්  ....මාලිගයේ පාළු කෙලවරක ......කිසිවෙක් නොමැති අඳුරැ කුටියක් තුල ජීවත් වීමට සිදු වූයේ.....අැයිදැයි මා දන්නේ නැහැ.බලන බලන අත .....මාපියන් සිය දූදරැවන් සමගින් ....සෙනෙහසින් වෙලී සිටිනු දකිනවිට .....මේ තරම් සුවිසල් චීන අධිරාජ්‍යයේ අාධිපත්‍ය පතුරා සිටින .....මගේ මාපියන් ....මා හට සෙනෙහස නොපාන්නේ අැයි දැයි ....මා දැන සිටියේ නැහැ.එ්ත් දැන් දන්නවා.අගබිසවකට කුමටද දියණියන් .....බලය රැක ගන්නට අවැසි වන පුත් කුමරෙකු හැර ? "

"අවසානයේදී හෝ ....නුඹ එය වටහා ගත්ත එක නම් ...හොඳයි."

"එ්ත් පැවසීමට දෙයක් තිබෙනවා.මුළු ලෝකයම වෙෙර කලත් ....ඔබතුමිය මගේ මෑණියන්.කිසිදිනෙක මා හට සෙනෙහසින් අමතා නැතත් ....ඔබතුමිය මගේ මෑණියන් ."

"නවත්වනවා !! නුඹ .....මරණ බියෙන් තැතිගෙනයි සිටින්නෙ .එනිසයි ඔවැනි දේ කියවන්නෙ !!"

"මරණයට ....මා බිය නැහැ.එ්ත් මා සෙනෙහස පාන අය ....මෙලෙස දුක්ඛිත තත්වයන්ට මුහුණ පාන විට ...එ් දේවල් බලා සිටීමට ....මට ශක්තියක් නැහැ.මට සමාවෙන්න .....කුමරෙකුට ඉඩ නොදී ඔබතුමියගේ කුසට අාවාට ."
.
.
.
                එක්වරම ....හ්වායොං ගැස්සී අැහැරැනාය.අැගේ දෑස්වල තවමත් උණු කඳුලුය.පෙරටත් වඩා රිදුම් දෙන්නට වූ ශරීරයත් සමග අැයට සෙලවීමට පවා අසීරැ විය.අැය නැවතත් සිර කුටියේය .නමුත් ....එක්වරම යමක් සිහිවූ නිසා අැගේ දෑස කලබල විය.

🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼Where stories live. Discover now