🏯 තහනම් නගරයේ සැඟවුන කුසුම🏯
Ep3
දිගු මුහුදු ගමනකින් පසු ගෝර්යෝහි ප්‍රධාන තොටුපලට නෞකාව ළඟා විය.නෞකාවේ එන තම නෑසිය හිතමිතුරන් අාදී දැක බලා ගනු පිණිස තොටුපලට එක්රොක් ව සිටි විවිධ තරාතිරම්වල මිනිසුන් හ්වායොංගේ නෙත ගැටිණි.ඔවුන්ගේ අැඳුම් පැළඳුම්,අාභරණ ,ගමන බිමන,කතා විලාසයන් හ්වායොංගේ සිත පැහැර ගත්තේය.අධිරජුගේ අනුදැනුම මත හ්වායොංද සැරසී සිටියේ ගෝර්යෝ සේද අැඳුමකිනි.ගෝර්යෝව ගැන විවිධ පුස්තක වල කියවා තිබූ අැයට සිතුනේ එ්වායේ පැවති බොහෝ දේ සත්‍යක් බවය.
"වා.........හ්!!! මොවුන්ගේ අැඳුම් නම් කදිමයි.ඉතාමත් අලංකාරයි.අපේ චීන දේශයටත් වඩා.මා මෙහි එව්වාට බොහොම ස්තුතියි පියාණෙනි "
හ්වායොං සිතුවේ යළිත් වරක් සයුර දෙස බලා අාචාර කරමිනි.එ්ත් සමගම යම් කිසි තරුණයෙක් හ්වායොංගෙ අැඟේ හැපීගෙන යන්නට වූයේ අැගේ සමබරතාවය ගිලිහී යද්දීය.නමුත් එකෙනෙහිම ඔහු පසුපස අා තවත් තරුණයෙක් අැය අල්ලාගත්තේ වතුරට වැටීමට ඔන්න මෙන්න තිබියදීය.එ් අන් කිසිවෙකු නොව යුන්ගිය.
"ඔහ්! මෙනෙවියනි , ඔබට අනතුරක් නෑ නේද?"
"නෑ.බොහෝම ස්තූතියි."
"එ්ක මොකක්ද? ඔබ නම් ....ඉතාමත් ලස්සනයි අා.සුරදූතියක් වගේ."
හ්වායොංගෙ කනට කර පැවසූ යුන්ගි තරැණියන් බලාපොරොත්තු වන අාකාරයේ කඩවසම් හිනාවක්ද සමගින් තොටුපලේ නොපෙනී ගියේ ටේ හ්යොං කුමරැ හා ජිමින් සෙවීමටයි.
"මේ තරම් කරැණාවන්ත අය අතරෙ .....අර වගේ නැහැදිච්ච අයත් ඉන්නවනෙ."
හ්වායොං සිතුවේ අැඟේ හැප්පීගෙන ගිය තරැණයා සහ තමා වැටෙන්න නොදී බේරා ගත් තරැණයා ගැන සිතමිනි.
උපන් දා සිට අධිරජ මාලිගයේ කොනක සිරවී ,නොයෙක් අපහාස විඳිමින් දුක්ඛිත ජීවිතයක් ගත කළ හ්වායොං කුමරියට මේ අලුත් දේශයේ නරඹන්නට බොහෝ දේ තිබිණි.නමුත් ප්‍රථමයෙන්ම අැය අා ප්‍රධාන හේතුව සිහි තබා ගත් හ්වායොං නගර සිතියම අතට ගත්තාය.
YOU ARE READING
🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼
Historical Fiction"දෙෙවය හරි පුදුමයි නේද.....හ්යොංනිම් ?" "ඔබතුමා කුමක්ද අදහස් කරන්නෙ?" "අනී...මා සිතුවේ ......මා පහත් පන්තියේ උප බිසවකගේ පුතෙකු වෙලත් ඔබ රාජකීය අගබිසවගේ පුතු වෙලත් ....අප අද සිටින තත්වයන් ගැන.එ් ගැන ඔබට පුදුමයක් නැද්ද? " ⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪...