නපුරුකමේ සත්වැන්න

4.3K 618 242
                                    

නපුරු බොස්...

|දෙනෙත් අසල ම සිටින විට ඔබ ගැහෙයි හදවත වේගයෙන්.....|
|නමුත් ඈතින් සිටින විට ඔබ දැනෙන පාලුව මහමෙර තරම්....|
|ළගම දැවටී සිටින්නට සිත දග කරන්නේ ඇයි ඉතින්...|
|සිතා ගැනුමට බැරිව ලතවෙයි නපුරු බොස් ගැන සිතමින් ඉතින්...|

****

|මහ රෑට සිහිනයෙන් ඇවිදින්
නින්ද හොරකම් කර ඉතින්....|
|මසිත තුල සක්මන් කරන්නේ නොවැටහේ හේතුව ඉතින්...|
|නපුරු බවකින් වසා සිටියත්
නුඹේ සිත නුඹ ඔය ලෙසින්.....|
|කෝළ මසිතම ලොබ බදින්නේ නපුරු බොස් වෙත ආදරෙන්...|

නපුරු බොස් ට ජාන්ගෙන්...❤️💚😍
( අද ලස්සනට අපේ ජාන්ගේ සිතුවිලි හරියටම ගෙනල්ලා දුන්නේ මගේ වුවිනාBunnyLiyo තමයී.. ලස්සනයි මැණික ගොඩාක්...)

උදේම අවදි වෙච්ච යීබෝ ඉක්මනින් ලෑස්ති වෙලා පිටත් උනේ ඔෆිස් යන්න.. මෙතුවක් කාලේකට යීබෝ මෙච්චර ඕන කමින් මේ ඔෆිස් එකට යන්න ගියාමයිද කොහෙද.. අද කන්නත් අමතක වෙලා...

යීබෝ කාර් එක නවත්තන්න යද්දිම තමන් වෙනදා කාර් එක පාක් කරන තැන අද පිරිසිදු කරන මනුස්සයෙක් විල්බැරෝවක් නවත්තලා...

යීබෝ හෝන් එක ගහගෙන ගහනෙන ගියේ මේක අයින් කරගනින් යකෝ කියලා කියන්න වගේ උනත් ඒ මනුස්සයා බරටම වැඩ...

💚 මේ මනුස්සයෝ... කන් ඇහෙන්නෙ නැද්ද හෝන් කරද්දී.. මේක අයින් කරගන්නවකෝ...

යීබෝ බෙරිහන් දුන්න පාරට ඒ මනුස්සයා අතේ තිබ්බ රේක්කෙත් බිමට දාලා දුවන් ඇවිත් හතරට පහට නැමිලා යටහත් පහත් ලෙස විල්බැරෝව අයින් කර ගත්තා... යීබෝට ඕන උනා ලුණු ඇබුල් ඇතිව වචන දෙක තුනක් කියන්න.. ඒත් ඒ මනුස්සයගේ අහිංසක මූණ දැක්කම නිකන්ම ලොක් වෙලා ගියේ යීබෝගෙ කට...

"හරිනේ.. අහිංසක මිනිහෙක්ට බනින්න බැරි වෙන තැනට මගේ කට මගුලක් වෙලා වගේ... ආ කමක් නෑ... දැන් යමුකෝ මාව දැක්කාම ජල සන්නිය හැදෙන බය ගුල්ලා ලගට... '"

යීබෝ හිතින් හිනා වෙවි ගියත් මූණේ නම් තිබ්බේ අර නපුරු දුෂ්ට බැල්මම තමයි.. ටෙක්ලත් කොට ගවුමක් ඇදලා පැද්දී පැද්දි ඇවිත් යීබෝ එක්කම ලිෆ්ට් එකට නැග්ගේ ගුඩ් මෝනින් කියලා දත් ඔක්කොම පෙන්නලා හිනාවෙන ගමන්...

༒ නපුරු බොස් ༒                                 ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓Where stories live. Discover now