නපුරුකමේ තිස්වැන්න

3.4K 457 260
                                    

නපුරු බොස්..

යීබෝ.. වන්ග් යීබෝ කාර් එක පාරට දැම්මේ තමන්ගෙ පණ හා සමාන තමන්ගේ පෙම්වතා ශියාඕ ජාන්ව බලන්න යන්න.. තමන්ගෙම තාත්තගෙ මෝඩ වෛරයක් නිසා අන්තිමට ඒවට පලවිපාක ගෙවන්න වෙලා තියෙන්නේ කොහේවත් ඉන්න අහිංසක ජීවිතයකට...

ඇත්තටම ජාන්ටත් යැන්ලිට උනා වගේම දෙයක් උනානම් මොනවා වෙයිද.. හදිස්සියේ වත් යීබෝලට හරි වෙලාවට එතනට යන්න බැරි උනා නම් මොනවා වෙයිද.. තමන්ගෙ අයියට වෙච්ච දේ නෙවෙයිද යීබෝටත් වෙන්නෙ එහෙනම්.. එක්කෝ ජීවිත කාලෙම අඩන්න වෙයි.. නැත්තම් යීබෝටත් තමන්ගේ ජීවිතය එපා කියලා අද කුවාන් වෙඩි තියාගන්න ගියා වගේ මැරෙන්න වෙයි.. යීබෝට හිතාගන්න බෑ ජාන් නැති ජීවිතයක් ගැන...

යීබෝ අයිනකට කරලා වාහනේ නැවැත්තුවා... යීබෝ කෝල් එකක් ගත්තේ කුවාන්ට...

💚 අයියා...🥺🥺

🧡 මැණික කියපන්...

💚 මම මොකක්ද අයියේ කරන්න ඕනේ.. ටෙක්ලව හොයාගන්න ඕනේ.. මේ හැමදේම පිටිපස්සෙ ගෑනී ඇති කියලා මට හිතෙනවා.. අක්කව අමු අමුවේ ගිනි තිබ්බ ගෑනිට මගෙ ජාන්ට එහෙම දෙයක් නොකරන්න බැරි නෑ නේද අයියේ.. මන් මොකක්ද අයියේ කරන්නේ.. ඒකී කොහේවත් නෑ බන්...😭😭😭😭😭

කවදාවත් නැතුව යීබෝ වචනෙන් වචනෙට අඩද්දි කුවාන්ට ඒ දුක තේරුනා.. තමන්ගෙ කෙනා අහිමි වෙන්න යද්දී ඒ කෙනා අහිමි වෙද්දි දැනෙන වේදනාව කුවාන් හොදින්ම දන්නවා.. ඒත් කුවාන් දැන් බොලද වෙන්න දන්නෙ නෑ...

🧡 මල්ලී.. මම උබ උනාම ඒක වේ# බල්ලෙක් ඉතුරු කරන්නෙ නෑ බන් හා පැටියට රිද්දපු...

💚 අයියා...

🧡 කොණක ඉදන් පලිගනින්.. මන් දන්නෑ මන් මේ කියන දේ වැරදිද කියලා.. ඒත් අද මන් ගෙදරින් යනවා බන්.. මන් ගිහින් අර ගෑනිව ලෝකේ පෙරලලා හරි හොයාගන්නවා.. අමු අමුවේ ඒකීව පිච්චුවේ නැත්තම් මට සැනසීමක් නෑ බන්... එතකොට උබ.. උබට පලිගන්න කවුරුත් නැත්තම් උබ කොල්ලා එක්ක කොහේහරි පලයන්.. එකට ඉන්න කාලේ සතුටින් ඉදපන්.. උබලා යාලුවෙලා වැඩි දවසක් නෑ මල්ලී.. කොල්ලට දුක විතරනෙ බන් හම්බුනේ...

༒ නපුරු බොස් ༒                                 ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓Donde viven las historias. Descúbrelo ahora