නපුරුකමේ තිස් හත්වැන්න

440 28 1
                                    

[ කතාව පබ්ලිශ් කරාට මේ කොටස පබ්ලිශ් වෙන්නෙ නැති නිසා මේ කොටස ආයේමත් කොපි පේස්ට් කරලා දැම්මා ඔයාලට නැත්තම් කොටසක් මිස් වෙන නිසා... ]

නපුරු බොස්..

අනේ මගේ මැණික මගේම පැටියෙක්ට
මාත් ආසයි පණ...
ඒත් ගේන්නෙ කොහොමද අපි දෙන්නම
එකම වගේ වුන විට...
හාස්කමකින් හරි පුංචි පැටියෙක් ආවොත්
ඔය බඩට...
සත්තයි ඉතින් දෙන්නවම රකිනවා මගේ
පණ තරමටම....

ඔය හිතේ තියන ආසාව ම⁣ට නොදැනුනා
නෙවෙයි මැණික...
සැබෑවක් වෙනවනම් මාත් කැමති
ඔයාගේ හීනය...
ඒත් ඉතින් එහෙම නොවෙනකොට
මගේ පණ...
ඔයාට වඩා ගොඩක් අසරණ
වුනා මම...

යීබෝගේන් 💚
එයාගේ ආදරණිය ජාන් චූටිට...❤

-- සෙනූ --

( අපේ සෙනූ කෙල්ලගේ ලස්සනම ලස්සන හිතට වැදෙන වචන ටික.. ගොඩාක් ලස්සනයි සෙනූ බබා )

අලුත් දවසක්.. පෙරදා රැයේ තිබුන අපහසුතාවයන් මදක් අඩු වෙලා යද්දී.. උදේ වෙද්දි වෙන වෙන අපහසුතාත් දැනෙද්දි යීබෝට කලින්ම දෑස් හැරියේ ජාන්.. තමන්වත් පපුවට ගුලි කරන් යීබෝ ඉන්නේ තද නින්දක උනත් ජාන් යීබෝගේ අතින් ගැලවිලා ඇදෙන් බිමට බැස්සා...

මුහුණ කට තෙමාගත්ත ජාන් හිස බර ගතියක් එක්කම පහළට ගියේ යීබෝට කිරි එකක් හදන්න.. කොහොමත් ටිකකින් අම්මලා දෙන්නම අවදි වෙන නිසා ජාන්ට කෑම හදන්න දෙයක් නම් තිබ්බේ නෑ.. ජාන් යීබෝට විතරක් කිරි එකක් හැදුවේ කිරි එක දැක්ක ගමන් ජාන්ගේ බඩ දගලන්න දැන් ටික කාලෙක ඉදන් ලෑස්ති වෙන නිසා.. ජාන් කිරි බොන එක නම් නවත්තලා දැම්මේ මේ අපුල නිසාමයී...

ෆ්‍රිජ් එක ඇරලා බලද්දි ජාන් දැක්කේ දම් පාටින් බැබලෙන මිදි වල්ලක් වෙද්දි ජාන් කරේ මිදිගෙඩි දෙක තුනක් සෝදලා කටේ ඔබා ගත්ත එක...

❤️ ආවුශ් අප්පා පට්ට ඇබුලයි අනේ.. නියමයී...

ජාන් යීබෝගේ කිරි එකත් අරන් කුස්සියෙන් යන්නත් ගිහින් ආපහු කුස්සිය දිහා බැලුවේ දුකින්..

༒ නපුරු බොස් ༒                                 ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓Where stories live. Discover now