නපුරු බොස්..
•
•
•
හැගුමන් පොදි බැදන් නව හිරු පායනවා...
පපුවට ගුලි වෙලා ඔබ සුව සේ නිදියනවා...
සැනසී නිදා සිටිනා ඔබ මට බොහෝ වටිනවා...
මාගේ අතේ මුළු ලොව ඇති බව හැගෙනවා...හුරතල් අහිංසක දඟලොවක්ම මට දුන්න...
මගේ හා පැටියා නිදන්නට නම් නෑ දන්නේ...
මා දැන් බොහෝ කාලයක් මේ බලන්නේ...
කොයි මොහොතෙද මේ ඇස් දෙක ඇරෙන්නේ...කුනු කුනු හඩක් ලාවට දැන් ඇහෙන්නේ..
හා පැටියෙක්ට බඩගිනි වී ඇතිද අනේ...
කොතරම් බඩගිනි උනත් මේ ඇස් නම් නොඇරෙන්නේ...
වෙන කුමකටද කම්මැලිකමට නේදැයි මගේ හා මැණිකේ....💚❤️
•
💚 චූටී.. නැගිටින්න වස්තුව.. හවස් වෙලා පණ.. බඩගිනි නැද්ද...
❤️ ම්ම්හුක්...
💚 බඩත් කෑ ගහනවනේ ඉතින්.. යන් යන්.. කාලා ආයේ දොයිගන්න බැරියෑ...
❤️ අම්ම්.. අනේ....
කට පුරවලා ලොකූ ඈනුමක් ඇරිය ජාන් ඇදේ වාඩි උනේ නිදිමත බේරී බේරී.. බලන්න ලස්සනයි ඒ මූණ.. ඔලුවේ නම් කොණ්ඩෙත් කෙලින් වෙලා.. කරන්ට් එක වැදුන හාවෙක් වගේ...
ඒ අස්සේ යීබෝගේ කමිසෙක තිබ්බ බට්න් එකක් උඩ මූණ තියන් ඉදලා ජාන්ගේ මූනේ ලස්සනට බොත්තමත් හිටලා.. යීබෝට හිනා ගියේ ඒකට...
❤️ අනේ නිදිමතයිනේ මට...
💚 කාලා කාලා ආයේ හොදෙ.. යකඩෝ ප්ලේන් එකේ එනකල්ම කට කපලා නිදාගත්තා නේද.. මන් තමයි ඇහැරන් ආවේ.. හරිනම් මමනෙ ඔහොම නිදාගන්නෝනේ...
❤️ ඉතින් නිදාගන්න එපැයිනේ අනේ.. මන් එපා කිව්වද හූම්...
💚 ආයීශ් පැහිච්ච කතා නම් කියන්න දන්නවා.. එන්න යන්න මූණ පොඩ්ඩක් හෝදගෙන කන්න යන්.. අම්මලත් නිදිද දන්නෑ...
❤️ කාලා මාව එලියට එක්ක යන්නකෝ.. චුට්ටක් වටපිට බලන්න...
💚 හරි මැණික යමූ...
යීබෝ ජාන්ගේ කකුල හොද වෙද්දිම අම්මලා දෙන්නම එක්ක ඇමරිකා ආවේ කුවාන් කිව්වා වගෙම ජාන්ට සතුට සැනසීම නිදහස යීබෝට දෙන්න ආස හිතුන නිසා.. ප්රශ්න වලින් ටිකක් ඈත් වෙද්දි ජාන් කියන්නේ කුඩා දරුවෙක් වගේ.. යීබෝත් ඊට දෙවනි නෑ.. නපුරු බොස් කොහේ ගිහින්ද කියලා හොයාගන්නවත් නෑ දැන්...
ESTÁS LEYENDO
༒ නපුරු බොස් ༒ ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓
Fanficදුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊