නපුරුකමේ පනස් පස් වැන්න

2.8K 320 344
                                    

නපුරු බොස්..

කදුළු වෙන් වීලා
යන්න ගියේ එදා
අප හඩවලා...
සතුටු ලෝකේකට
යලි මන්
පෑදූනේ සිනැහිලා..

වැඩෙන කුස දැන්
මෝරලා..
බෑනේ දැන් නම්
ඉවසලා..
හැඩුම් ඉන්නේ මන්
ඉවසලා..
හෙට වන තුරු පමණි
දුක් දරා..

අපේ පුතුන් දැන්
දඟ වෙලා..
නිතර දෙන්නේ ගුටි
මා අඩවලා..
අම්මිට රිදෙනවා යැයි
නොදැනිලා..
දෙන්නා තරඟයක් හැංගිලා...

එන්න අප පුතුන්
විගහට..
බෑනේ තව නම්
ඉවසුමට..
හෙට දිනයි මාගේ
දිවියෙම..
වටිනා දිනය මේ මුළු
කාලෙම...

දරු කුස අතගාමින් කල්පනා ලෝකෙක ඉන්නා ජාන්ගෙන් දරු පැටව්න්ට...

💚 කෝ අප්පා මේ අම්මියා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

💚 කෝ අප්පා මේ අම්මියා...

❤️ .......................

💚 ම්.. කල්පනා ලොව මල් වනේ කිව්වලූ...

යීබෝ ළගටම ඇවිත් කතා කරත් ජාන් නම් ඉන්නේ මේ ලෝකේ නෙවෙයි...

ජාන්ට කල්පනා කරන්න ගොඩාක් දේවල් තිබ්බා.. පුංචි කාලේ ඉදලම වෙච්ච දේවල් කොල්ලා එක පෙළකට කල්පනා කරද්දි ජාන්ට එදා වෙඩි තිබ්බ දවසේ දේවල් මතක් උනා... එදා තමයි ජාන් දැනගත්තේ ජාන්ගේ වටේ ඉන්න මිනිස්සු කවුද කියලා... හැමෝම ආදරෙයී කියලා දැනන් උන්නා.. ඒත් මෙච්චර ආදරයක්.. ජාන් බලාපොරොත්තු උනේම නෑ...

එදා icu එකේ මැෂින් ගොඩක් මැද උන්න යූ බින්ට සිහිය එන්න හරියටම සති දෙකක් ගියා.. ඒ නැගිටිද්දි බොහෝ දුරට කොල්ලගේ තුවාලේ නම් හොද උනා.. හැබැයි හදවත අසලටම උණ්ඩයක් වැදුන නිසා යූ බින්ට ඇදටම කරලා තියන්න තමයි දොස්තරලා කිව්වේ.. ඉතින් තවත් සතියක් කොල්ලා හොස්පිටල් එකේ ඉන්නවා.. හැබැයි එතැන ඉදන්ම යූ බින්ව ගෙදර යවන්න යීබෝ කැමති උනේම නෑ.. හේතුව යූ බින්ගේ අක්කා අසනීප නිසා අම්මලට එහේ යන්න වෙද්දි යීබෝ හරිම කැමැත්තෙන් යූ බින්ව බලාගන්න කැමති උනා.. ඉතින් මේ තවත් සති හතරක් යූ බින් ඉන්නේ යීබෝගේ ගෙදර.. හැබැයි තාම කාමර අඩස්සියේ ඉන්නේ...

༒ නපුරු බොස් ༒                                 ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓Donde viven las historias. Descúbrelo ahora