නපුරු බොස්..
•
•
•
හිතේ සැකයෙන්...
රැගෙන යයිද හොරු ඇවිදින්..
රැක්කත් පණ මෙන්..
ගැහෙයි පපුව බියෙන්..හංගා ගත්තත් පපුවේ හොවා..
දිනක් ඒවිදෝ අඩනා..
අඩියක් ඉදිරියට තැබිය යුතුයි නොවෙද මා..
රැක ගන්නට පණ මෙමා...💚❤️
යීබෝ කාර් එකට නැග්ගේ වටපිටාව ගැන හොද සෝදිසියෙන්.. ගාඩ්ලා වටවෙලා ගියත් හිතේ සැකය ඕනාවටත් වඩා තියෙද්දී යීබෝ ජාන්ගේ අතකිනුත් අල්ලගෙන පපුවට තුරුල් කරන් මේ එක්ක යන්නේ...
❤️ බෝ...
💚 ම්.. කියන්න පණ..
❤️ බෝ මෙහෙම යන්න බෑ.. මගෙ කොන්ද රිදෙනවා එතකොට..
💚 අහ්.. සොරි මැණික.. ගොඩාක් රිදෙනවද..
යීබෝ ජාන්ව ඈත් කරලා කොන්ද මිරිකන ගමන් අහද්දි ජාන් නෑ කියන්න ඔලුව දෙපසට වැනුවා..
💚 මගේ ලෙඩ වාට්ටුව.. ඉන්නකෝ ෆුල් බොඩි චෙකප් එකකට එක්ක යන්න ඔයාව..
❤️ හූම්ම් මට ඇති ලෙඩක් නෑ.. ඇබරිලා ඉද්දි කොන්ද රිදෙන්නැද්ද අප්පා...😏😏
💚 ආවුශ්.. මොනවා උනත් මේ රැවිල්ල නම් අම්මෝ... පුදුම සැනසීමයී..
❤️ අනේ මේ බෝ...😏😏😏
💚 තව පොඩ්ඩක් රවන්නකෝ ඒයී...
❤️ මට බෑ...හුහ්...😏😏
ජාන් වීදුරුවෙන් අහක බලාගත්තේ යීබෝ කිව්වා වගේම ජාන්ගේ තියෙන ලොකුම සිගිති රැවිල්ලෙන් රවලා.. ඉතින් යීබෝගේ බය දුක තරහව මදක් තුනී කරන්න ඒ රැවිල්ලට හැකි වෙද්දි යීබෝ ජාන්ගේ උකුලෙන් ඔලුව තියාගත්තා...
💚 තරා උනාට කමක් නෑ ඉතින්.. හබීගේ ඔලුව අතගාන්නකෝ...
යීබෝ ජාන්ගේ බඩ අස්සේ මූණ ඔබාගෙන කියද්දි ජාන් හිනා වෙලාම ඒ හිස කෙස් අස්සෙන් ඇගිලි තුඩු සනීපෙට අරන් යද්දි යීබෝ ඇස් දෙක වහගෙන ජාන්ගේ කුස පුරාම කමිසේ උඩින් හාදු දෙද්දි ජානුත් ඇස් දෙක වහ ගත්තා...
දෙන්නම ගෙදරට එද්දී අම්මලා දෙන්නම මග බලන් ඉන්නවා.. යීබෝගේ අම්මා නම් ජාන්ගේ අම්මට වඩා බයෙන් උන්න නිසා ජාන් ආව ගමන් ජාන්ව තුරුල් කර ගද්දි ජාන් කුතුහලයෙන් අම්මී දිහා බලද්දි ,
VOUS LISEZ
༒ නපුරු බොස් ༒ ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓
Fanfictionදුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊