නපුරුකමේ පස්වැන්න

4.1K 612 97
                                    

නපුරු බොස්...

දින දෙකක් ගෙවිලා ගියේ යීබෝට කුවාන්ව හම්බන් කරගන්නත් නොහැකි තත්වයක් ඇති කරමින්... අදයි යැන්ලිගේ හා නූපන් දරු පැටියාගේ අවුරුද්දේ මරණ සංවත්සරය... හැඩූ කදුලින් හා බීමත්කමින්ම කුවාන් මේ පහු වුන දිනය ගෙවා දමා අදද බොන්නට පටන් ගත්තේ එක් ස්තානයකට ගොසින්...

💚 අයියා.. රෑ වෙනවා බන්.. උදේ අක්කා ආස විදියට දානෙකුත් දීලා උබ දැන් ආයේ බෝතලේ කටේ ගහගෙනනේ ඕයී...

යීබෝ කේන්තියෙන් කිව්වේ කුවාන් බිබී උන්න බෝතලේ ඇදලා අරන් පොලවෙත් ගහලා... දුකයී.. ප්‍රශ්න තියෙනවා තමයි.. ඒත් මේ බීමෙන් කුවාන්ට උත්තර ලැබෙනවද.. තාවකාලික අමතක කිරීමක් සිදු උනත් වෙරි බහිද්දි ආයෙමත් ඒ හැම දේම මතක් වෙනවා නේද... කුවාන් උන්නේ පිස්සෙක් වගේ...

අවුරුද්දකට කලින් අද වගේ දවසක යැන්ලි තම අටමසැති කුසත් සමගිබ් සිටියදි ඇයට රෝහලට යන්න උනේ මේ පාරෙන් සායනයකට.. අධික කාර්‍යබහුලත්වය නිසා කුවාන්ට ඒ ගමනට යන්න නොහැකි වෙද්දි යැන්ලි ඩ්‍රයිවර් එක්ක යන්න පිටත් උනා...

ඒත් ඉතාමත් අවාසනාවන්ත විදියට මේ කදු මුදුනෙදි මේ වංගුවේදී යැන්ලි ගමන් ගත්ත කාර් එක හැප්පෙනවා ඉස්සරහින් ආව වෑන් එකක... ඒත් සමගම අවාසනාවන්ත ලෙස යැන්ලිගෙ කාර් එක පහළ ප්‍රපාතයට පෙරලීමෙන් ගිනි ගන්නවා... යැන්ලි , දරුවා , ඩ්‍රයිවර් තුන් දෙනාම මිය ගියා එදා.. අලු ගොඩක් වෙන්නම සිරුරු තුන පිලිස්සිලා තිබුනේ හෙල පහළට පෙරලෙද්දී ගිනි අරගෙන....

අවසානෙදි කුවාන්ට යැන්ලිගෙ රූපෙවත් දකින්න හම්බුනේ නෑ... මරණ පරීක්ෂණයෙනුත් ඒ ඉන්නේ යැන්ලි කියලා අදුනගත්තේ කුවාන් ඒ යැන්ලි නෙවෙයි කියලා කෑ ගගහා අඩ අඩ කියද්දී...

කොහොමද විස්වාස කරන්නේ මේ මැරිලා දූවිලී ගොඩක් වෙලා ඉන්නේ තමන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන ගැහැණිය කියලා.. තමන්ව උතුම් පිය පදවියට ඔසවලා තිබ්බ ඒ උතුම් ගැහැණිය කියලා...

එදා ඉදන් හැමෝම යැන්ලි ඇක්සිඩන්ට් එකකින් මිය ගියා කියලා පිලිගත්තත් අදටත් එක දෙයක් නිසා කුවාන් යැන්ලිගෙ මරණය කුමන්ත්‍රණයක් කියලා සැක කරන්නට උනා...

༒ නපුරු බොස් ༒                                 ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓Donde viven las historias. Descúbrelo ahora