නපුරුකමේ පනස් තුන් වැන්න

2.4K 329 215
                                    

නපුරු බොස්..


🎃 මන් කොහොමද යකෝ තිරිසනෙක් වෙන්නේ.. හරියටම අවුරුදු 2කට කිට්ටු වෙන්න එනවා... අදටත් මන් මගේ අම්මට තියෙන ආදරේ නාමයෙන් උබේ ගෑනී යැන්ලී.. ඒ වගේම උබගේ චූටී පුතා.. මන් උන් දෙන්නව ඇස් දෙක වගේ බලාගන්නවා යකෝ..... මන් උන්ව බලාගන්නවා... 😭😭😭

🧡 ටෙක්ලා........😳😳😭😭😭

ඔලුව උඩ හෙනයක් ගැහුවා වගේ හැගීමක් දැනෙද්දි කුවාන් ඔලුවත් අල්ලගෙන කෑ ගහද්දී යීබෝ කුවාන්ව තද කරාලා බදාගද්දි ශුවාන් උන්නේ ඇස් වල කදුලු පුරවගෙන...ඒ කියන්නේ...

🎃 මන් ඒ අහිංසක අම්මව මැරුවේ නෑ කුවාන්.... මන් මිනීමැරුවෙක් නෙවෙයි.. මට සමාවෙන්න ඒත් මම ජාන්ව මරන්න ගියා.. මට සමාවෙන්න...

යීබෝගේ පපුව අස්සේ ඉදන් යීබෝගේ පපුවටම ගගහා කෑ ගහලා අඩන කුවාන්ව පුළුවන් තරම් යීබෝ තද කරගත්තා.. සතුටුයි කියන්න බැරි තරම් සතුටුයි... කුවාන් යීබෝගෙන් ඈත් වෙලා දණ ගාගෙනම ආවේ ටෙක්ලා ලගට...

🧡 අනේ ටෙක්ලා.. අත් දෙක එකතු කරලා මන් ඔයාට වදින්නම්... මගේ යැන්ලි ඉන්නේ කොහෙද කියන්නේ.. මගෙ පුතා හොදින්ද කියන්න...

🎃 කුවාන්...😭😭 ඔයාගෙ පුතා ගොඩාක් හොදින්.. ඒත්...😥

💚 ඒත් ඒත් කියන්නේ මොකද යකෝ...😡😡

🎃 එදා වෙච්ච දේ එක්ක යැන්ලී තාමත් ඉන්නේ ලොකු ශොක් එකක... එයාට කතා කරන්න බෑ කුවාන්...ඒත් එයා දරුවා එක්ක හොදින් ඉන්නවා.. චූටී පුතා දැන් ඇවිදිනවා.. ඔයාගේ යැන්ලි හිනාවෙනවා විතරයි.. එයා කතා කරන්නේ නෑ...

🧡 අනේ ඇයි එයාට එහෙම කරේ උබලා..මගෙ අහිංසකී මොනවද උබලට කරපු වැරදි.. මගේ තාත්තා කියන පාහරයා.. මන් ජීවිත කාලෙම ඌට වෛර කරනවා...

කුවාන් වේදනාවෙන් කියද්දි යීබෝ ටෙක්ලගෙ බැමි ලෙහලා දැම්මා... ටෙක්ලා ස්තූති පූර්වක බැල්මක් යීබෝට දෙද්දී...

🎃 එදා මන් එයාව බේරගත්තා කියලා වන්ග් වත් කෲස්වත් දන්නෙ නෑ.. දැනගත්තා නම් මන් අද ඇත්තෙත් නෑ.. මන් ඒක රහසක් විදියට තියාගත්තේ මට මගෙ පලිය ගන්න ඕන නිසා උනත් මන් මේ ලගදි දැනගත්තේ මගෙ අම්මගෙ මිනීමරුවා මගෙම මාමා නී කෲස් කියලා... එතන ඉදන් මන් ශුවාන් මගෙ පස්සෙන් එනවා කියලා දැන දැනම එයාට පේන්න එහේ මෙහේ ගියා.. මට ඕනා උනේ ඔයාලා ලගට එන්න.. මේ හැමදේම මට කියන්න ඕන උනා... ඒත් මට තේරෙන්නෑ.. ජාන්ට මන් මෙච්චර වෛර කරන්නේ ඇයි කියලා.. එයා මැරෙයි කියලා හිතෙද්දි මට දුකක් නෑ යීබෝ...

༒ නපුරු බොස් ༒                                 ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ