නපුරු බොස්..
•
•
•
" හාලෝ.. ජාන් පපා.. අම්මෝ එන්න එන්න වාඩි වෙන්න.. ඉතින් කොහොමද විස්තර... "
කැබින් එකේ දොර ඇරපු ගමන් ඩොක්ටර් ශැං මුළු දත් ඔක්කොම එලියට දාලා හිනා උනේ කට කන ගාවටම ඇදගෙන.. ජාන්ව දැක්කත් ඉතින් සැනසීමයී තමයි ඇත්තටම ඕන කෙනෙක්ට..
💚 ඩොක්ටර් ෆයිල් එක..යීබෝ ඩොක්ටර් අතින් ෆයිල් එක තියලා ජාන් එක්කම හරි පරිස්සමෙන් වාඩි උනා.. ජාන් ඉතින් හැමදාම වගේ කියවන්නේ නෑ.. කොල්ලා ඩොක්ටර් කියවන කල් බලාගෙන ඉන්නවා...
" ඉතින් මොනවද අපහසුතා.. "
ඩොක්ටර් හිනාවෙලා ඇහුවේ ජාන්ගේ අතත් ඉල්ලන ගමන්මයි.. ජාන්ගේ නාඩි හොදට පරික්ශා කරපු ඩොක්ටර් හිනාවක් එක්කම ජාන් දිහා බලන් උන්නා..
❤️ කකුල් ටිකක් රිදෙනවා.. කොන්දත් පොඩ්ඩක් රිදෙනවා.. ඇවිදින්න බෑ මහන්සියි... රෑට නින්ද යන්නෙත් නෑ ඩොක්ටර්..
" අප්පටසිරි ප්‍රශ්න ගොඩයිනේ යීබෝ..."
ඩොක්ටර් හිනාවක් දාගෙනම ෆයිල් එකේ මොනවාදෝ ලියලා ජාන් දිහා බැලුවා..
" දැන් ඉතින් පැටව් ලොකුයිනේ.. එතකොට ඇගට අමාරුයි.. බරක් උස්සන් ඉන්න නිසා ඉතින් මහන්සියි.. නින්ද යන එක පොඩ්ඩක් අඩු වෙනවා තමයි.. එතකොට කොහොමත් අමාරුයි.. මන් බෙහෙත් වලට දාන්නම්කෝ නින්ද යන්න රෑට පෙත්තක්...එතකොට නින්ද යයි.. තව විටමින් එකක් දානවා.. යකඩ පෙති එහෙම බොනවනේ නේද.. හරියටම බොන්න ඕනේ හොදේ බෙහෙත් ටික.. "
❤️ හා ඩොක්ටර්...
💚 ඩොක්ටර් ඇයි බබාලා පයින් ගහන්නැත්තේ.. දැන් මාස 6යිනේ...
YOU ARE READING
༒ නපුරු බොස් ༒ ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓
Fanfictionදුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊