නපුරුකමේ අටවැන්න

4.2K 602 137
                                    

නපුරු බොස්..

" චූටී ඇති පුතේ.. යන්න මැණික.. ගිහින් නිදාගන්න.. හෙට ඉදන් මගෙ පුතා ලොක්කෙක්නේ... "

ජාන්ගේ අම්මා ජාන්ගෙ ඔලුවත් අත ගාලා කියද්දි කොල්ලට හිනාවකුත් ගියා ලොක්කෙක් කිව්වාම... කමක් නෑ ඉතින් අම්මට තේරෙන විදියටනේ එයා ඒ කිව්වේ...

❤️ හරි ඉතින් නිදාගන්න එහෙනම්.. මන් යන්නම් ඊටපස්සෙ...

අම්මට නින්ද යනකල්ම කොල්ලා අම්මගෙ ඔලුව අත ගෑවේ අම්මගෙ ඔලුව පොඩ්ඩක් අද රිදෙනවා කිව්ව නිසා... අම්මට නින්ද ගියාමයි ජාන් කාමරේට ආවේ... කාමරේ තියෙන චූටී බල්බ් එකත් දාගෙන ජාන් දොරත් වහලා ඇදට ආවේ ෆෝන් එකත් අතට අරන්...

❤️ මන් කෝල් නොකරොත් එයා එයිද...

❤️ මම ගන්නද...

❤️ ඒත් මට බයයිනේ...

ජාන් ෆෝන් එකත් අතේ තියන් කල්පනාව.. නපුරගෙ කේන්තියේ තරම දන්න නිසා නපුරා කිව්ව දෙයක් නොකර ඉන්නත් බයයි.. ඒත් කෝල් කරන්නත් බයයි.. දෙලොවක් අතර අතරමන් වෙච්ච ජාන් අන්තිමට ඕන එකක් කියලා එක කෝල් එකක් ගන්න තීරණය කරා...

ඉතින් හිතින් එකයි දෙකයි තුනයි කියලා ' මගෙ නපුරා ' කියන නම්බරේට ගත්තා කෝල් එක...
රින්ග් වෙනවා.. එ අස්සේ රින්ග් වෙනවට වඩා වේගයෙන් ජාන්ගෙ පපුව ගැහෙනවා...

💚 හෙලෝ....

යීබෝ ටිකක් බර දාලා කතා කරද්දි ජාන් අතක් පපුවට තියාගත්තේ පපුවෙන් එලියට පනින්න දගලන හදවතට එන්න බැරි වෙන්න.. කොල්ලගෙ උගුර කටත් වේලිලා ගිහින්...

💚 හෙලෝ......ව්... කවුද මේ..

❤️ මේ...මේ.. මම...

ජාන් කිව්ව විදියට බකස් ගාලා යීබෝගෙන් හිනාවක් පනිද්දි යීබෝ ඉක්මනින් මූණ කොට්ටෙට තද කර ගත්තේ හිනාව කාගෙනමයි...

💚 මම කියන්නෙ කවුද ආ.. නමක් නැද්ද...

යීබෝ හඩ උස් කරලා ඇහුවා විතරයි ජාන්ට සුලු දිය පහ වෙන්න ආවා.. කොල්ලා බයටම කෝල් එක කට් කරලා ෆෝන් එක දැම්මේ කොට්ටේ යටට...

༒ නපුරු බොස් ༒                                 ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ