"ජිමින්..... ජිමින්..."
මම සිය සැරේකට වඩා එයාට කතා කරන්න ඇති. ඒත් එයා මාත් එක්ක එක වචනයක්වත් කතා නොකරන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ. කාලය ගතවෙලා ගිහින්. ඔව් ගොඩාක් කාලය ගතවෙලා. ඒත්... ඇයි තාමත් එයා මෙහෙම.
කොච්චර සමාව ඉල්ලුවත් නොදෙන තරමට ලොකු වැරැද්දක් මං අතින් උනාද..?
මගේ ජැස්මින් තවමත් නෑ මාත් එක්ක කතාවක්. පාලුයි මට ගොඩාක්. හිතට දැනෙන තනිකම කොහොම වචන කරන්නද තේරෙන්නෙ නෑ මට. රත්තරන් එක පාරක් කතා කරන්නකො මාත් එක්ක.
මම ගියා එයාගෙ කාමරේට . ඔව් එයා හිටියා. ඒත් එයා එයාගෙ චූටි බෝල ඇස් වහගෙන. හුස්ම ගන්න තාලෙට ගැහෙන එයාගෙ චූටි ඇගම ස්කයි බ්ලූ පාට එයා ආසම ශීට් එකකින් වහගෙන. එයා ආසම..?
නෑ ඒක මම ආසම ශීට් එක. මගේ ආසම පාට ස්කයි බ්ලූ.ඔව් එයා ඒක හොදටම දන්නවා.
මම ටික ටික කිට්ටු උනා එයාට. මට ඕනි උනා එයාට කතා කරන්න. ඒත් ... එයා හොදටම නිදි. කොහොමත් මගේ පුංචි ජැස්මින් මාත් එක්ක තරහ වෙලානේ. මම දැන් එයාට ඇහැරෙව්වොත් එයාට තවත් තරහා යයි.
ඉතින් එහෙම හිතපු මං එයාගෙ රෝස පාට කෙලවලින් නෑවුනු බෝල තොල්පෙති උඩින් හාදුවක් තියලා හිමීට ඈත් උනේ මගේ පුංචි සෙලවීමක් නිසාහරි එයා ඇහැරෙයි කියලා මට බය හිතුනු නිසා.
එයා ඔයාලා හිතනවාටත් වඩා ගොඩාක් හුරතල් පුලුන් බෝලයක්. මගේ ජැස්මින් .. මගේ චූටි ජිමින්.
ජැස්මින්.. ඔව් ඒ එයා ආසම මල. අපේ පුංචි ගාඩ්න් පුරාම එයා සුදුපාට ලස්සන ජැස්මින් මල් වවලා තිබුනා. ඒවාවල සුවද වින්දින්න අපි දෙන්න හැමදාම උදේට කෝපි කෝප්පයක් හදාගෙන අපේ පුංචි ගාඩ්න් එකේ තියෙන ඔන්චිල්ලාව උඩට යනවා.
එයා මගේ අත් අතරේ තුරුලු වෙලා එයාගෙ කෝපි කෝප්පයම බොන ගමන් ඒ සුවද විඳිනවා. ඔව් ඒ අතීතය හරිම ලස්සනයි. එයා අදටත් එතනට යනවා. හැබැයි මම නැතුව.
එයා වෙනදා වගේ ජන්කුකී අපි යමූ එලියට කියලා කෑ ගහගෙන ඇවිත් මගේ පිටේ දැන් එල්ලෙන්නෙ නෑ. ඒ ඇයි කියන්න මම දන්නෙ නැති උනත් එයා එහෙමයි. තනියම ඔන්චිල්ලාව උඩ තනිවෙන එයා පැද්දි පැද්දි ජැස්මින් මල් දිහා ඔහේ බලාගෙන ඉන්නවා හැමදාම උදේට.
මම ලගට ගියත් එයා මම කියලා කෙනෙක් එතන නෑ වගේ එයාගෙ පාඩුවේම එයාම හදාගන්න කෝපි කෝප්පය තොල ගාන්නේ මගේ හදවත ගොඩක් රිද්දවලා.
"ඇයි මිනී ඒ...."
එයාගෙන් මට අහන්න ඕනි උනත් මම දන්නවා එයා මට උත්තර දෙන්නෙ නෑ කියලා. ඉතින් මන් නිහඩවම එයා දිහා ජැස්මින් මල් යාය මැද්දේ ඉදන් බලන් ඉන්නවා.
⚓⚓⚓
හේ.... හදිසි ප්ලොට් එක්කට ලිව්වෙ. ඔලුවට ආව ඉතින් ලිව්වා.
කියෝලා බලන්න ආසද කියලා...... ලොකු නෑ පොඩි කතාවක්
YOU ARE READING
white jasmine 🌼🍂 jikook [ short story] completed
Short Story"ජිමින්..... ජිමින්..." මම සිය සැරේකට වඩා එයාට කතා කරන්න ඇති. ඒත් එයා මාත් එක්ක එක වචනයක්වත් කතා නොකරන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ. කාලය ගතවෙලා ගිහින්. ඔව් ගොඩාක් කාලය ගතවෙලා. ඒත්... ඇයි තාමත් එයා මෙහෙම. කොච්චර සමාව ඉල්ලුවත් නොදෙන තරමට ලොකු වැරැද්...