නිශ්ශබ්දවම බස් එකට නැගපු එයා දූවලා ගිහින් හිස් වෙලා තිබුනු ශීට් එකක ඉදගත්තා. එයාගෙ එහාපැත්තෙන් තවත් හිස් ශීට් එකක් තිබුනත් මම එතන ඉදගන්නෙ නැතුව ඊට පිටිපස්සෙ ශීට් එකෙන් ඉදගත්තේ මම එයාලග ඉදගන්න එක ජිමින්ට කරදරයක් කියලා හිතුනු නිසා.
ටික දුරක් අපි නිහඩවම ගමන් කලා. පාර දෙපැත්තේ සකුරා ගස් වල රෝස පාට මල් පිරීලා. ඉතින් මම ටික වෙලාවක් අතීතයේ තනි වුනා.
එයයි මමයි සකුරා මල් අතරේ ගෙව්ව ඒ ලස්සන අතීතය ඇතුලේ මං තනි වුනා. ඔව් මේ ඒ පාරමයි. ඒ දවස් වල අපි දෙන්නා අත් අල්ලන් ගියපු ඒ පාරමයි. තාලෙට හුලගට වැටෙන සකුරා මල් අල්ලන්න මගේ ජිමින් උඩ පැන පැන දිව්ව ඒ ලස්සන පාර.
ඕහ් අන්න.. සීතල උනත් මුරන්ඩුකමට ලොකූම ලොකූ අයිස්ක්රීම් එකක් මට වද දීලා අරගෙන මටවත් චුට්ටක් නොදී කට වටේම ගාගෙන පොඩි බබෙක් වගේ ඉදගෙන කාපු ඒ පුංචි බංකුව. තාමත් ඒ විදිහමයි.
ඒක දිහා බලාගෙනම සුසුමක් හෙලපු මං ඉස්සරහ බැලුවේ නිකමට වගේ. ඔව් මම හිතුවා හරි. එයාටත් ඒ අතීතය මතක් වෙන්න ඇති. මොකද එයත් හිටියේ ඒ සකුරා පාර දිහා බලාගෙනමයි. ඒත් මම වගේ දුකින් නම් නෙවෙයි . එයා හිටියේ හිනාවෙලා. ඔව් එයා හිනාවෙලා.
ඒ අතීතය එයාට විහිලුවක්ද..?
ඒතෙක්කම ඊලග බස් නැවතුමෙන් බස් එක නතර කලා. ගැස්සිලා ගියපු එයා ඉක්මනටම එයාගෙ ඔලුව බස් එකේ දොර දිහාට යොමු කලේ මම බලාගෙන ඉද්දිමයි. ඒතෙක්කම බස් එකට නැග්ගේ ටිකක් කඩවසම් තරුන කොල්ලෙක්.
කඩවසම් කිව්වට මම තරම් නම් කඩවසම් නෑ. ඒත් ඒක මගේ ජැස්මින්ට තේරෙන්නෙ නෑ. ඔව් වෙනදා වගේම ඒ කොල්ලා හිනාවෙවීම ඇවිත් ජිමින් ලගින් ඉදගත්තා. මගේ ජැස්මින්ගෙ ලග එයා. මම තනියම.. ඒක ගොඩක් අසාදාරනයි නේද..?
ඔව් මට පේනවා එයාල සතුටින් කතා කරනවා. ජැස්මින්ගේ මූන මට නොපෙනුනත් එයාගෙ උරහිස් ගැස්සෙන විදිහෙන් මට තේරෙනවා එයා හිනාවෙනවා කියලා. ඔව් එයා ගොඩාක් සතුටින්. ඉතින් ඇයි මම දුක් වෙන්නේ. හරිනම් මම සතුටුවෙන්න නේද ඔනේ. ඒත් මට දුකයි . මගේ හදවත පිච්චෙනවා. දරාගන්න බැරි තරම් රිදෙනවා.
ඊලග තප්පරේ මම බලන් ඉද්දිම එයා ඒ කොල්ලගෙ උරහිසට හේත්තු උනේ ඒ කොල්ලා එයාගෙ අත මගේ ජැස්මින්ගේ ඔලුව පුරාම යවද්දි. එයා මගේ ජැස්මින්ගේ සිනිදු කොන්ඩය පුරාම එයාගෙ අත යවන හැටි මම බලන් හිටියා ඊටපිටිපස්සෙ ශීට් එකක ඉදන්. ඒ සිනිදු කොන්ඩේ අයිතිකාරයා දැන් මම නෙවෙයි.
මට තේරුනු එකම දේ ආන්න ඒකයි.
⚓⚓⚓
ESTÁS LEYENDO
white jasmine 🌼🍂 jikook [ short story] completed
Historia Corta"ජිමින්..... ජිමින්..." මම සිය සැරේකට වඩා එයාට කතා කරන්න ඇති. ඒත් එයා මාත් එක්ක එක වචනයක්වත් කතා නොකරන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ. කාලය ගතවෙලා ගිහින්. ඔව් ගොඩාක් කාලය ගතවෙලා. ඒත්... ඇයි තාමත් එයා මෙහෙම. කොච්චර සමාව ඉල්ලුවත් නොදෙන තරමට ලොකු වැරැද්...