" කලබල වෙන්න එපා ජිමින් .. ඩොක්ටර් එයාව පරීක්ශා කරනකන් ඔයාට බලන් ඉන්න වෙනවා.."
ජන්කුක් ලගට දුවන් යන්න හදපු ජිමින්ව නතර කරපු ටේ එයාව තද කරලා අල්ලගත්තේ ඩොක්ටර්ට ජිමින් මෙහෙම හැසිරෙන එක කරදරයක් වෙයි කියලා. ඉතින් ජිමින් නැවතුනා. ඒත් එයාගෙ ඇස් බාගෙට ඇරිලා පුංචි කඳුලු බිංදුවක් නැවතුනු ඒ ඇස් ලග නැවතිලා තිබුනා.
" එයා සාමාන්‍ය අතට හැරෙනවා.. ඔයාලට පුලුවන්ද ටිකක් එලියට වෙලා ඉන්න. පේශ්න්ව වෝඩ් එකට දැම්මහම ඔයාලට ඇවිත් එයාව බලන්න පුලුවන්.."
ටේමින් දෙන්නා ලගට ආපු නර්ස් කෙනෙක් එහෙම කිව්වහම එයාට ඔලුව වනපු ටේ තවමත් අර ඇස් අතරේ තනිවෙලා හිටපු ජිමින්වත් ඇදගෙන රූම් එකෙන් එලියට ආවා.
"ටේ ටේ එයා... ඉක්මනටම මං ලගට එයි නේද එයා එන්න නේද යන්නෙ ටේ. ආයෙමත් මාත් එක්ක ජැස්මින් ගාඩ්න් එකේ ඔන්චිලි පදින්න.. එයා එන්න නේද යන්නෙ ටේ.."
ජිමින් නවත්තන්නෙ නැතුවම ටේගේ අතේ එල්ලි එල්ලි අහද්දි ටේ ජිමින්ව එලියේ තිබුනු බෙන්ච් එකකින් ඉදගැස්සුවා.
"හ්ම්ම්.. ඔව් ජිමිනී... එයා ඔයා ලගට ආයෙමත් එන්නයි යන්නේ. ඔයා එක්ක හැමදාටම ජීවත් වෙන්න ඔයා ලගට එන්නයි යන්නේ. ඔයා එක්ක කලින් වගේ සතුටින් ජීවිතේ ගෙවන්න එයා එයි ඉක්ම්නටම..."
ටේ ජිමින්ගේ පුංචි මූන එයාගෙ අත් අතරට අරන් කිව්වා. ජිමින්ට සතුටුයි. ඒත් එයාට තේරුනේ නෑ ඒ සතුට කොහොම පිට කරන්නද කියලා. එයා ටේගේ ඇස් දිහාම බලාගෙන හිටියා එයාගෙ දිලිසෙන ඇස් වලින් . ජිමින් දැක්කා ටේගෙ ඇසුත් ලස්සනට දිලිසෙන විදිහ . ඒත් ඒ මොකද..?
එයා අඩනවද.. ජිමින්ගේ මූන ප්‍රශ්නාර්තයකින් පිරිලා යනකොට ටේ ඉක්මනටම ජිමින්ගේ මූන එයාගෙ අත් වලින් අතෑරියා. ඊටපස්සේ ඉක්මනටම බෙන්ච් එකෙන් නැගිට්ට එයා අහක බලාගත්තා.
"ඔයා ඔහොම්මම ඉන්න .. ජන්කුක්ව වෝඩ් එකට දාන්න ටිකක් වෙලා යයි. මම අපි දෙන්නට කන්න මොනවා හරි අරන් එන්නම්.. ඔයා උදේ ඉදන්ම මොනවත් කාල නෑනේ.."
ඉක්මනටම එහෙම කියපු ටේ ජිමින් දිහා නොබලාම හොස්පිට්ල් එකේ කැෆේ එක තිබුනු පැත්තට දුවන්න ගත්තා. ජිමින් ඒ දිහා බලන් හිටියේ ටේගෙ ඒ අමුතු හැසිරීම තේරුම්ගන්න බැරුව උනත් එයා ඉක්මනටම එයාගෙ හිත ජන්කුක්ගෙ පැත්තට හැරෙව්වා. එයට එච්චර සතුටුවෙන්න දෙයක් තියෙද්දි ඇයි එයා වෙන දේවල් ගැන හිතන්නේ....
එයා හිතුවා ඒ නිකන් වෙන්න ඇති කියලා.
"එයාට බඩගිනි ඇති ආ...හ් මටත් බඩගිනී දැන් නම්.."
පුංචි සද්දයක් දාපු එයාගෙ බඩ අතගාපු ජිමින් ලස්සනට හිනාවෙලා ඉස්සරහ බලාගත්තේ ජන්කුක්ගේ මූන මතක් කරගෙන .
⚓⚓⚓
ඔයාලා ගොඩ දෙනෙක් ඉල්ලපු නිසා මේක දීලා ඉවර කරන්න හිතුවා. මම හිතුවේ ඔයාල මේකට කැමති නැතුව ඇති කියලා...
මට සමාවෙන්න... ආසවෙන් කියවන ටික දෙනාට මම මේ කතාව දෙන්නම්..
YOU ARE READING
white jasmine 🌼🍂 jikook [ short story] completed
Short Story"ජිමින්..... ජිමින්..." මම සිය සැරේකට වඩා එයාට කතා කරන්න ඇති. ඒත් එයා මාත් එක්ක එක වචනයක්වත් කතා නොකරන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ. කාලය ගතවෙලා ගිහින්. ඔව් ගොඩාක් කාලය ගතවෙලා. ඒත්... ඇයි තාමත් එයා මෙහෙම. කොච්චර සමාව ඉල්ලුවත් නොදෙන තරමට ලොකු වැරැද්...