ඒත් එක්කම මගේ ඉස්සරහ නතර කරපු ඒ නිල්පාට බස් එකට ඉක්මනටම ගොඩ වුනු මම දූවලා ගිහි ඉදගත්තේ අපි දෙන්නා වෙනදට ඉදගන්න ශීට් එකේ. ඔයාට හැමදාමත් මම මතක් කරනකම්ම ඒක මතක් වෙන්නේ නෑනේ.. ' අපි ඊයෙත් හිටියේ මේකෙමද ' කියලා ඔයා ඇස් දෙකත් ලොකූ කරන් මගෙන් අහන හැටි.. ම්ම්.. මට හොදටම මතකයි කුකී.
වෙනදට මං ඇතිවෙනකන් ඔයාගෙ අත් අතරේ ඉදගෙන කියවනවද.. ඒත් අද මම කතා කරන්නේ කාටද. මගේ කට වැහිලම ගිහින්. ඉතින් හැමදේම නිහඩයි. ජනේලෙන් පේන ඈත අහස දිහා මම නිහඩවම බලාගෙන හිටියා.
ඕහ්.. සකුරා මල්.. ඔයා ආසම තැන නේද මේ. ඔව් මට මතකයි මේ පාරේ ඔයයි මායි ඇවිදපු හැටි. ඔයා බෑ කියද්දි කොහොමහරි ඔයාගෙන් අයිස්ක්රීම් එකක් ඉල්ලගත්ත මම ඔයාට චූට්ටක් වත් නොදී කාපු හැටි මට මතකයි කුකී. කොහොමද අමතක කරන්නේ ඒ අතීතය.
ඉතින්.. මම හිනා වුනා.. ඔයාගෙ ආසම සකුරා ගස් වලට පේන්න. මට ඕනි උනේ නෑ ඒවා වලට මම අද දුකින් කියලා පෙන්නන්න. නැත්තම් මගේ ජැස්මින් මල් වගේම එයාලත් මට හිනාවේවි ඔයාව පරිස්සම් කරගන්න එදා මට බැරි උනු නිසා.
ඒ අතීතයේ තනිවෙලා හිටපු මම එකපාරම ගැස්සිලා ගියේ බස් එක නතර කරපු නිසා. ඕහ් මේ එතන. කුකී මගේ ලගින් ගිය දවසේ ඉදන් මගේ පුංචි හිත හයිය කරගන්න උගන්නපු එයා නගින තැන.
කිම් ටේහියුන්.. කලුම කලුපාට ශර්ට් එකක් ඇදලා අත් දෙකත් වැලමිට ලගට වෙනකම්ම නවාගෙන නිල්පාට ඩෙනිම් කලිසමට ඒ ශර්ට් එක යට කරලා කලුපාටින් දිලිසෙන සපත්තු දෙකකුත් දාගෙන බස් එකට නැගපු එයා ඉක්මනටම ඇවිත් මගේ ලගින් ඉදගත්තා.
එයාගෙ ඇදුම් මට මතක් කලේ ඔයාවමයි කුකී. ඔයත් එයා වගේම කලුපාටින් බහුබූතයෙක් වගේ අඳින්න කොච්චර ආසද..
හැමදාමත් මගෙන් බැනුම් අහගෙන හරි ඔයා අදින්නෙම කලුමයි.. මගේ කලුකුමාරයා..
"ඉතින් ජිමින්.... ගුඩ්මෝනින්.."
එහෙම කියපු ටේ මගේ දිහා බලලා ලස්සනට හිනා වුනා.
" ගුඩ් මෝනින් ටේ... ඔයා අද මට එයාව මතක් කෙරෙව්වා...ගොඩාක්.."
මම එයාට කිව්වහම එයා හිනා වුනා.
"මම..? මම එයාව ඔයාට මතක් කරවන්න ඕනිද... මම දන්නවා ඔයා හැමවෙලේම ජීවත් වෙන්නේ එයා ලගමයි කියලා ජිමිනී.."
ටේහියුන් එහෙම කියලා මගේ අතින් අල්ලගෙන මගේ කඳුලු පිරුනු ඇස් දිහා බැලුවේ මගේ හිත සනසවන්න වගේ.
ඒත් මට ඇඩුනා. මගේ උරහිස් වේගෙන් වේගෙන් ගැහෙන තරමටම මට ඇඩුනා. ඔව් මම ජීවත් වෙන්නේ ඔයා ලගමයි මගේ කුකී..
ඇස් වලට උනපු කඳුලු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දුන්නු මම එහෙම්මම ටේහියුන්ගේ උරහිසට හේත්තු වුනා. මගේ ජන්කුකී වගේම මගේ ඔලුවට අත ගෙනියපු එයා සිනීදුවට මගේ ඔලුව අතගාන හැටි මට දැනුනා.
ස්තූතී ටේහියුන්... මම හිමීට මිමිනුවා.
⚓⚓⚓
KAMU SEDANG MEMBACA
white jasmine 🌼🍂 jikook [ short story] completed
Cerita Pendek"ජිමින්..... ජිමින්..." මම සිය සැරේකට වඩා එයාට කතා කරන්න ඇති. ඒත් එයා මාත් එක්ක එක වචනයක්වත් කතා නොකරන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ. කාලය ගතවෙලා ගිහින්. ඔව් ගොඩාක් කාලය ගතවෙලා. ඒත්... ඇයි තාමත් එයා මෙහෙම. කොච්චර සමාව ඉල්ලුවත් නොදෙන තරමට ලොකු වැරැද්...