12🌼

180 78 7
                                    


ඉතින් ආයෙමත් දවසක මම ඔයාව බලන්න එන්න ලෑස්ති උනා. ඔව් ඔයා ආසම වයිට් ටිශර්ට් එකට නිල්පාට ඩෙනිම් ට්‍රවුසර් එක ඇදලා. ඔයාම මට අරන් දුන්නු බ්‍රවුන් කලර් බැක්පැක් එකත් මම ගත්තේ ඒක ඇතුලේ ඔයාගෙ මතක මම පුරවලා තිබුනු නිසා.

ගෙදරින් එලියට ඇවිත් ගෙදර දොරත් ලොක් කරලා ආයෙමත් සැරයක් ඔයාගෙයි මගෙයි ඒ පුංචි ගෙදර දිහා බලපු මම ලොකූ සුසුමක් හෙලලා පාරට ආවේ හෝල්ට් එකට ගිහින් බස් එකක් ගන්න හිතාගෙන.

මතකයිද ජන්කුකී.. ඔයාගෙ ලොකූ හීනේ . ඔයා කිව්ව මට ඔයා දවසක ලස්සන කාර් එකක ඇවිත් මාව ඒකෙ දාගෙන හැමතැනම එක්කන් යනවා කියලා. ඔයා මට කිව්වා. ඉතින් ඇයි ඔයා ඒ පොරොන්දුව ඉශ්ට නොකර නිදාගෙන ඉන්නේ. මට හරිම තරහයි ඔයා එක්ක.

සිතුවිලි ගොන්නක් අස්සේ හිරවෙලා උනත් පයින්ම අඩිය තියලා හෝල්ට් එකට ආපු මම ඒකෙ තිබුනු පුංචි බෙන්ච් එකෙන් ඉදගත්තේ ආයෙමත් අතීතයේ තනිවෙන ගමන්.

වෙනදට උදේට මම ඔයා එක්කමයි මෙතන ඉදන් ඉන්නේ. ඒත් අද මම තනියම.

ලොකූ සුසුමක් හෙලපු මම මගේ ෆෝන් එක අතට ගත්තේ ඔයාගෙ රූපය දිහා බලන් ඉන්න ඕනි හිතුනු නිසා. ඔව් මම හොයාගත්තා ඒ ෆොටෝ එක. ඔයා ඒකෙ හරිම කියුට් කුකී. මම ඔයාගෙ ගත්ත පලවෙනිම ෆොටෝ එක. ඔව් මට ඒක දැක්කම තවමත් හිනා යනවා.

සුදුම සුදු පාට හා පැටියෙක් වගේ දත් දෙකත් එලියට දාගෙන හිනාවෙවී මගේ දිහා බලන් ඉන්න ඔයාව දැක්කම කොහොමද මම හිනා නොවී ඉන්නේ. ආහ්... එදා ඔයා ඒ විදිහට හිනාවෙවී මගේ පස්සෙන් දුවන් ආපු හැටි. අපි දෙන්නම ඒ තණකොල පිට්ටනියේ හතිවැටෙනකන් දුවපු හැටි. අන්තිමට දෙන්නම පිට්ටනියේ පෙරලිලා ඇතිවෙනකන් හිනාවුනු හැටි....

ඔව් ඒ හැමදේම හරිම ලස්සන මතක වෙලා කුකී... මට ආයෙමත් ඔයා එක්ක එහෙම ගෙවන්න දවසක් ඒවි නේද..

හිනාව අතරින් මගේ ඇස් වලට ඉනුව කඳුලු කැට ඉබේම කම්මුල් දිගේම ගලාගෙන යනකොට ඉක්මනටම බෑග් එක පැත්තට හැරුනු මම ලේන්සුවක් අතට අරගෙන ඒ කඳුලු පිහාගත්තේ ඔයාව බලන්න එනකොට කැතම කැත මූනකින් එන්න බැරි නිසා.

ඒ නිසා මම හිනා වුනා... ඔයාගෙ ඒ ලස්සන හිනාව මතකයට අරගෙන මම ආයෙමත් හිනා වුනා.


⚓⚓⚓

white jasmine 🌼🍂 jikook [ short story] completedOpowieści tętniące życiem. Odkryj je teraz