ඔව් මම දන්නවා. ජන්කුක් දන්නවා නම් මම මේ වගේ තැනක වැඩ කරනවා කියලා එයා මගේ කනෙන් ඇදන් එලියට යයි. මාත් එක්ක දවස් ගනන් කතා නොකර ඉදී.
ඒත් කුකී මට මේ වගේ ගානක් හොයාගන්න වෙන තැන් කීයක නම් වැඩ කරන්න වේදිද. අනික මෙතනදි මගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නත් මට අවස්තාවක් හම්බෙනවනේ. ඉතින් මට සමාව දෙන්න හොදද.
හිතින් දහස් වාරයක් ජන්කුක්ගෙන් සමාව ඉල්ලන ගමන් ක්ලබ් එකේ මගේ චේන්ජින් රූම් එක අස්සට ගියපු මම පෝල් ඩාන්ස් එකට මම අදින පාට පාට සීකුවීන්ස් අල්ලපු ඇඳුම ඇදගත්තා.
ඒකත් ඇදන් කන්නාඩිය ඉස්සරහට ගියපු මම හෝදලා පිහාගත්ත මගේ මූනට එතන තිබුනු මේකප් බඩු වලින් පුංච් ටච් එකක් දාගෙන කන්නාඩියෙන් පේන මගේ රූපය දිහා බලන් හිටියා. ඔව් මම ලස්සනයි ගොඩාක්.. මම ඒක දන්නවා. ඒත් මේ ලස්සන අයිති එයාට විතරමයි. ඉස්සර මගේ මේ කිරිපාට බෙල්ල කොච්චර නම් රතු පාට පැල්ලම් වලින් ලස්සන වෙන්න ඇද්ද.
මගේ මේ රෝස තොල් අල්ලගෙන ඔයා කොච්චර නම් වෙලාවක් මාව කිස් කරන්න ඇද්ද. කෙඳිරිලි හඩවල් වලින් අපේ කාමරේම පුරවලා ඔයයි මායි එකතු වුනු ඒ දවස්... ආහ්.. හනේ කුකී... මට පාලුයි කුකී..
ඔයාව ඕනෙ මට. හැමදාටම. ඔයාගෙ ඔය උනුහුමේ ගුලිවෙලා නිදාගන්න මට ඕනි. ඔයා එක්ක හුරතල් වෙන්න මට ඕනි. නිදි නැතුව ඔයාගෙ ඇස් දිහා බලාගෙන ඔයාට ඇහෙන්න කතා කියන්න ඕනි.
ඒ හැමදේම මට මිස් වෙලා කුකී... ඉතින් නැගිටින්න ඉක්මනටම.
අලුත දාපු මේකප් එක උඩින් පල්ලම් බැස්ස කඳුලු බිංදුව ඉක්මනටම පිහාගත්ත මම චේන්ජින් රූම් එකෙන් එලියට ආවා. ඔව් දැන් මගේ වෙලාව.
සෙනග මැද්දෙන් ඇවිදන් ගියපු මම හොද හුස්මක් අරගෙන හැමෝගෙන්ම අවසර අරගෙන ස්ටේජ් එකට නැග්ගේ මේ හැමදෙයක්ම ජන්කූක් වෙනුවෙන්මයි කියලා හිතාගෙන.
අන්තිමට හැමෝගෙම අත්පුඩි සද්දෙ මැද්දෙන් මම එතනින් පිටවෙලා ගියේ මගේ වෙලාව ඉවර වුනු නිසා. ඔව් මම මේ ක්ලබ් එකේ පෝල් ඩාන්සර් කෙනෙක්. එයාල මට ලොකූ ගානක් මේ වෙනුවෙන් ගෙවනවා. ඉතින් මම මේක නොකර ඉන්න හේතුවක් තියෙනවද.
ඒ වගේම මම දන්නවා පරිස්සම් වෙන්න.
එහෙම හිතපු මම හිමින් සැරේ චේන්ජින් රූම් එකට ගියේ ඇදුම මාරු කරගෙන මගේ දවසේ පඩියත් අරගෙන එතනින් වාශ්ප වෙලා යන්න හිතාගෙන. මොකද මට ගොඩක් මහන්සී. දැන් මට දූවලා ගිහින් මගේ ඇඳ බදාගන්න ඕනි.
ඒත් තවත් තත්ත්පරයක් ගතවෙන්න ඇති.
" හේයි ස්වීටී... ඔයා නම් පර්ෆෙක්ට් කිට්න් කෙනෙක්නේ.. පොඩි ෆන් එකක් ගත්තා කියලා මුකුත් වෙන්නෙ නැනේ.."
එහෙම කියාගෙනම මගේ ලගට ආවේ අසහනකාරී බැල්මකින් මගේ දිහා බලාගෙන කවුදෝ මනුස්සයෙක්.
⚓⚓⚓
ESTÁS LEYENDO
white jasmine 🌼🍂 jikook [ short story] completed
Historia Corta"ජිමින්..... ජිමින්..." මම සිය සැරේකට වඩා එයාට කතා කරන්න ඇති. ඒත් එයා මාත් එක්ක එක වචනයක්වත් කතා නොකරන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ. කාලය ගතවෙලා ගිහින්. ඔව් ගොඩාක් කාලය ගතවෙලා. ඒත්... ඇයි තාමත් එයා මෙහෙම. කොච්චර සමාව ඉල්ලුවත් නොදෙන තරමට ලොකු වැරැද්...