රෑ වෙනකන්ම ජීකුක් දෙන්නා එක්ක සතුටින් කාලය ගෙවපු ටේ ඒ දෙන්නගෙන් සමු අරන් ගෙදරින් එලියට ආවා. ගේට්ටුවෙන් එලියට ගිහින් නැවතුනු එයා ආයෙමත් සැරයක් ජීකුක් දෙන්නාගෙ ගෙදර දිහා හැරිලා බැලුවා.
වහලා තිබුනු කර්ට්න් එක අස්සෙන් පේන හෙවනැල්ල දැකපු ටේ හිනාවෙවීම බිම බලලා අහස දිහා බැලුවේ ජීකුක් දෙන්නා සතුටින් කියලා එයා දැකපු ඒ හෙවනැල්ලෙන්ම තේරුම්ගත්ත නිසා.
" ඉතින්.... මම මේ ලෝකෙට ආපු හේතුව දැන් සම්පූර්නයි. තවත් ඉන්න කාලයක් මට ඉතුරුවෙලා නෑ නේද...? පුංචි ජිමින් ජන්කුක් එක්ක සතුටින්... ඔව් මිනී මම ආවේ ජන්කුක් එනකන් ඔයාව සතුටින් තියන්න ඔයාව ආරක්ශා කරන්න.. සද දෙවගන මාව ඔයා ලගට එව්වේ ඒක කරන්න. මම හිතනවා මම සාර්තකයි කියලා.. ඔව් මට සතුටුයි.. ගොඩාක්... "
සැනසීමෙන් සුසුමක් හෙලුව ටේ ඇස් දෙක පියාගත්තා.
" මට සමාවෙන්න.. මම එකම එක වැරැද්දක් කලා.. ඔව් මම ඔයාට ආදරය කලා.. ඔයාගෙ ආදරය මට නොලැබෙන බව දැන දැනත් ඔයාගෙ පුංචි හිතට මම ආදරය කලා... මට සමාවෙන්න ජිමින්.. ඔයාව අමතක කරන්න මට බෑ.. ඒත් මම පොරොන්දු වෙනවා මට පුලුවන් විදිහට මම ඔය දෙන්නව ආරක්ශා කරනවා.. පුංචි ජිමින් සතුටින් හැමදාමත් එයාගෙ ජන්කුකී එක්ක.."
ඇස් දෙක ඇරලා ආයෙමත් ජීකුක් දෙන්නගෙ ගෙදර දිහා බලපු ටේ සුසුමක් හෙලලා සතුටින් හිනා වුනා.
ඔව් එයාගෙ හිත දැන් නිදහස්... එයා ප්ෘතුවියට ආපු හේතුව එයා හරියටම ඉශ්ට කලා. දැන් එයාට යන්න කාලය...
ටිකින් ටික ටිකින් ටික එයාගෙ ශරීරය නොපෙනී යන්න ගන්නකොට ටේ අහස දිහා බැලුවා. එයා දැක්කා ඈත අහසේ ඉදන් එයා දිහා බලන් ඉන්න සද දෙවගනව.
"ඔයා මාව ඉක්මනටම ආපහු ගෙන්නගන්නවා නේද..?"
හිනා වෙලා මුමුනපු ටේ වා තලයට තවත් සුසුමක් එක්කරනකොට එයා හෙමිහිට අතුරුදහන් වෙලාම ගියේ සද කුමාරි ලගින්ම පුංචි තරුවක් දිලිසෙන්න පටන්ගන්නකොට.
" එයා ගියා කූක්..."
ටේ ගේට්ටුවෙන් එලියට යන දිහා බලන් හිටපු ජිමින් දොර වහලා ඇතුලට ඇවිත් ජන්කුක්ගේ ඔඩොක්කුවෙන් ඉදගත්තා. ඒත් එක්කම ජන්කුක් එයාගෙ මිනීව එයාගෙ මූන පැත්තට හරවගෙන ඒ පුංචි මූන එයාගෙ අත් දෙක අතරට ගත්තා.
"මගේ මිනීට දුකයිද ඉතින්.."
ජන්කුක් අහනකොට ජිමින් එයාගෙ ඔලුව හුරතල් විදිහට උඩට පහලට කලේ පුංචි කටත් උල් කරගෙන.
" ටේ ටේ හැමදාමත් සතුටින් ඉදී මගේ මිනී.... එයාට බෑනෙ ඔයාලග හැමදාමත් ඉන්න ම්ම්.."
ජන්කුක් ආදරෙන් ජිමින්ගේ කම්මුල් සිනිදුවට අතගාන ගමන් කියනකොට ජිමින් ඇස් වහගෙන ඒ ස්පර්ශය වින්දා. ටික වෙලාවකින් ජිමින් එයාගෙ ඇස් දෙකැරලා ජන්කුක් දිහා බලලා හිමින් සැරේ ඒ තොල් වලට නැවුනා. ඒත් එක්කම ජිමින්ගේ තොල් අල්ලගත්ත ජන්කුක් ජිමින් එක්ක විනාඩි ගානක හාදුවකට මුලපුරද්දි එලිය වැටුනු කර්ට්න් අස්සෙන් එයාලගෙ හෙවනැල්ල දිලිසුනා.
" ආදරෙයි මගේ පුංචි ජැස්මින්.... "
හාදුව මැදින් නතර කරපු ජන්කුක් ජිමින්ගේ දිලිසෙන ඇස් දිහා බලන් මුමුනද්දි ජිමින් ජන්කුක්ගේ නහයට එයාගෙ නහය ලන් කලා.
" මාත් ආදරෙයි මගේ කුකී..."
ජිමින් හිමිහිට මුමුනද්දි ආයෙමත් ඒ තොල් වලට නැවුනු ජන්කුක් ඒ රැය ආදරය පිරුනු ලස්සන රැයක් කරන්න මුල පිරුවා.
..................END...................
⚓⚓⚓
ඔන්න ඉතින් white jasmine ... ඉවරයි.🥳🥳
කතාව ගැන අදහසක් තියෙනව නම් කියාන් යන්න...
මීට කැරට් ඕතර්... ❤🥕
ESTÁS LEYENDO
white jasmine 🌼🍂 jikook [ short story] completed
Historia Corta"ජිමින්..... ජිමින්..." මම සිය සැරේකට වඩා එයාට කතා කරන්න ඇති. ඒත් එයා මාත් එක්ක එක වචනයක්වත් කතා නොකරන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ. කාලය ගතවෙලා ගිහින්. ඔව් ගොඩාක් කාලය ගතවෙලා. ඒත්... ඇයි තාමත් එයා මෙහෙම. කොච්චර සමාව ඉල්ලුවත් නොදෙන තරමට ලොකු වැරැද්...