ඒක... මම එයා යනවට අකමැතිම තැන. පාට පාට ලයිට්ස් පිරුනු බාගෙට ඇදගත්ත ගෑනු පිරිමි පිස්සුවෙන් වගේ නලියන මම මේ ලෝකෙ දකින්න අකමැතිම තැනක්. ඔව් ඔයාල හිතුවා හරි මේක නයිට් ක්ලබ් එකක්.
හැමදාම කැෆේ එකේ වැඩ කරලා ඉවර උනු ගමන්ම ජිමිනි දුවන් එන තැන.
"කෝ මෙයා.."
ඩිම්වෙන ලයිට් අස්සේ බොහොම අමාරුවෙන් මම වට පිට බැලුවේ ජිමිනි ලගපාතක ඉන්නවා වගේ මම දැක්කේ නැති නිසා. සමහරවිට එයා චේන්ජ් වෙන්න යන්න ඇති. කොහොමත් අර පොල්ලෙ එල්ලිලා නටන්න එයාට පාට පාට ඇදුමකුත් අඳින්නම එපැයි.
ලොකූ සුසුමක් හෙලපු මම වටේ පිටේ උන්ව තබ සතේකට ගනන් ගන්නෙ නැතුව ගිහින් පැත්තක තිබ්බ ස්ටූල් එකක් උඩ වාඩි උනේ කොහොමත් මේකෙ ඉන්න උනුත් මාව ගනන් ගන්නේ නැති නිසා. ටික වෙලාවක් ගත වුනා.. ඔව් ඒක තප්පර ගානක්.
මුලු හෝල් එකම සූ සද්දෙන් කෑ ගහද්දි මම තේරුම්ගත්තා එයා ආවා කියලා. හැමෝම ඉස්සරහ දිලිසෙන ඇගටම ඇලුනු ක්‍රොප් ටොප් එකක් ඇඳලා ඒකටම හරියන පුංචි ටයිට් ශෝට් එකකුත් ඇදන්.
ඔව් එයා ලස්සනයි.. ගොඩාක් ලස්සනයි . හරියට පුංචි ඒන්ජල් කෙනෙක් හෙවන් එකෙන් පහලට ඇවිත් වගේ. පාට පාට ලයිට් එලිය වැටිලා දිලිසෙන එයා තනිකරම වීනස්ගේ පුංචි අනුරුවක් වගේ. ඒත්............
එයා මගේ විතරයි නේද.. ඉතින් ඇයි එයා මෙහෙම හැමෝම ඉස්සරහ... ආයිශ් මම කැමති නැහැ මේකට.. ඒත් මට කරන්න දෙයක් නෑ. මේ මුරන්ඩු පිච්ච මල මම කියන දේ අහන්නෙ නෑ. දූවලා ගිහින් එයාව උස්සගෙන දුවන්නත් හිතයි මට.
" තැන්ක් යූ... ඔයාලා හැමෝම දන්නවනේ මම ජිමින්. මම හිතනවා ඔයාලා අදත් මගේ ඩාන්ස් එක එන්ජෝයි කරයි කියලා."
එයා දිහා කන්න වගේ බලන් ඉන්න හැමෝටම ඇහෙන්න එහෙම කියපු එයා ස්ටේජ් එකට නැගලා අර පේන්න බැරි පොල්ලේ එල්ලුනේ මං මගේ ඇස් දෙක පියාගෙන ලග තිබුනු බිත්තියට ඔලුව හේත්තු කරගද්දියි. මට ඕනි නෑ එයා මෙහෙම තැනක නටනවා බලන්න. ඒත් මේක ඔයාගෙ ආසාව නම් හරී.. කමක් නෑ ඔයා කැමති දෙයක් කරන්න. හැබැයි මම ඔයාගෙ ලගින්මයි.
ඇස් වහගෙනම එහෙම හිතපු මම ලොකූ සුසුමක් හෙලලා බිත්තියට හේත්තු වුනා.
තවත් විනාඩි කිහිපයක් ඉක්මනනින්ම ගත වුනා. ඉක්මනින්..? නෑ මට දැනුනේ වෙලාවත් මාත් එක්ක සෙල්ලම් කරනවා වගේ. කොහොමහරි ඒ වෙලාව අන්තිමට ඉවර වුනා. ජිමින් එයාගෙ ඩාන්ස් එක ඉවර කරලා ස්ටේජ් එකෙන් බහිනකොට වෙනදට ඇහෙන අත්පුඩි සද්දය ඇහෙනකොටම මම ඇස් ඇරියා.
ඔව් එයා ආවා . හිමින් සැරේ ස්ටේජ් එකෙන් බැහැලා. ඊටපස්සේ කිසිම කතාවක් නොකරපු එයා කෙලින්ම ගියේ එයාගෙ චේන්ජින් රූම් එක පැත්තට.'තව ටිකකින් එයිනේ ' එහෙම හිතපු මම අත් දෙකත් බැදගෙන බලන් හිටියේ එයා එනකන්. ඒ උනාට වෙනදට වඩා එයා අද පරක්කුයි. ඔව් දැනටමත් විනාඩි දහයක්ම එයා පරක්කුයි.
මගේ හදවත වේගෙන් ගැහෙද්දි ඉදගෙන හිටපු තැනින් නැගිට්ට මම පුලුවන් තරම් වේගෙන් ගියේ ජිමින්ගේ චේන්ජින් රූම් එක තිබුනු පැත්තට.
"යා..හ් මට යන්න දෙනවා... අතාරිනවා මිනිහෝ මාව..."
මට ඒ ඇහුනේ මගේ ජැස්මින්ගේ කටහඩ නේද...?
⚓⚓⚓
CZYTASZ
white jasmine 🌼🍂 jikook [ short story] completed
Krótkie Opowiadania"ජිමින්..... ජිමින්..." මම සිය සැරේකට වඩා එයාට කතා කරන්න ඇති. ඒත් එයා මාත් එක්ක එක වචනයක්වත් කතා නොකරන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ. කාලය ගතවෙලා ගිහින්. ඔව් ගොඩාක් කාලය ගතවෙලා. ඒත්... ඇයි තාමත් එයා මෙහෙම. කොච්චර සමාව ඉල්ලුවත් නොදෙන තරමට ලොකු වැරැද්...