පහුවදා උදේම නැගිටපු මම ලෑස්ති උනා ඔයාව බලන්න එන්න. ටේ මට පොරොන්දු උනා අද මාව එක්කන් යනවා කියලා මගේ කූක්ව බලන්න. ඉතින් මම ලෑස්තිවෙලා ටේ එක්කම හොස්පිට්ල් එකට ගියේ වෙනදා වගේම ඔයා කැමතිම විදිහට ලෑස්ති වෙලා.
මට දැනුනා අමුතුම වෙනසක්. වෙනදට ඔයාගෙ කාමරේට එනකොට මට දැනෙන ඒ පාලු ගතිය අද මට දැනුනේ නෑ. ඒ ඇයි කියන්න මට තේරුනේ නැතත් මැශින් අස්සෙ හිරවෙලා නිදාගෙන ඉන්න ඔයාව දැක්කම මට හීල්ලුනා ආයෙමත් සැරයක්.
ඉතින් මම වෙනදා වගේම ඔයා ලගින් ඉදගත්තා ඔයා අදවත් නැගිටලා මගේ දිහා බලාවි කියලා මට හිතුන නිසා. ඔයාගෙ අත් අතරේ මගේ අත පටලව ගත්ත මම බලාගෙන හිටියා ඔයාගෙ පියවුනු ඇස් දිහා. ආසා නැද්ද ඔයා ඔය ඇස් ඇරලා මගේ දිහා බලන්න කුකී...
ඔයාගෙන් අහන්න මට හිතුනත් මම කටවහගෙන මගේ ඇඩුම පාලනය කරගත්තේ ගොඩක් අමාරුවෙන්.
ඒත් මට තවත් දරාගෙන ඉන්න පුලුවන්කමක් තිබුනේ නෑ. මම මෙච්චර වෙලා හිර කරන් හිටපු ඉකිය එකපාට්ටම එලියට ආවේ ලොකූ ඇඩුමක් විදිහට. ඔව් මම අදත් ඔයා ලග ඉකි ගහ ගහ අඩනවා. මට දැනෙන පාලුව වචන වලට හරවගන්න බැරුව.
" ප්ලීස් කුකී ඇහැරෙන්නකෝ.... මට බෑ තවත් බලන් ඉන්න කූ.. ප්ලීස් මට බෑ.... මට පාලුයි ජන්කුකී... මට පාලුයි... නැගිටින්නකෝ.. නැගිටලා මාව වඩාගන්නකෝ. ඔයා ආසම විදිහට මට හුස්මගන්න බැරිවෙනකන්ම මාව කිස් කරන්නකෝ.. ප්ලීස් කූක් ප්ලීස්.. බලන්න මගේ ජැස්මින් මල් ටික ඔයා එනකන් බලන් ඉන්නවා. එයාල ඔයා නැතුව දැන් ගොඩක් සුවද දෙන්නෙත් නෑ. මම දිහා බලන්නෙත් නෑ.... අනේ ජන්කුකී..."
ඔයාගෙ ඇස් දිහා බලාගෙන මම මිමිනුවේ අනේ අදවත් ඔයාට මගේ කටහඩ ඇහෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ල ඉල්ල. ඒත්.. නෑ ඔයා තවමත් ඒ විදිහමයි. ඉතින් මන් මගේ ඇස් දෙක පියාගෙන ඔයාගෙ ඇඳ උඩින් ඔලුව තියාගත්තා වෙනදා වගේම.
ඒත්...
" ඩ්.. ඩොක්ටර් ඩොක්ටර් ඉක්මනට එන්න ඩොක්ටර්. මම හිතන්නේ පේශන්ගෙ හාට්බීට් එක සාමාන්‍ය වෙනවා..."
එකපාරටම මගේ එහාපැත්තේ තිබුනු මැශින් වල වගේම ඒ නර්ස්ගේ සද්දෙත් මගේ කන්වලට ඇහෙනකොට ඉක්මනටම ඔලුව උස්සපු මං ගාවට ටේත් දුවගෙන ආවා.
"ජිමිනි මෙහෙට එන්න මගේ පැටියෝ.... ඔයාගෙ කුකී....."
එයා එහෙම කියනකොට මට බය හිතුනා ඇයි.. ඇයි මගේ කුකීට මොකද්ද වෙන්නේ. මට මේ වෙනදේ හිතාගන්න බෑ . ඇයි ඔක්කොමලා කලබල වෙලා.
" ඔයාගෙ කුකීට ඔයාගෙ කටහඩ ඇහිලා.."
මගේ ප්‍රශ්නාර්ත මූන දිහා ටික වෙලාවක් බලන් හිටපු ටේ එහෙම කියනකොට මගේ ඇස් කොච්චර ලොකුවෙන්න ඇද්ද කියලා මටම හිතාගන්න බෑ. මගේ හදවත කොච්චර වේගෙන් ගැහෙන්න පටන්ගන්න ඇද්ද කියලා මට හිතාගන්න බෑ.
"මගේ කුකී... එයා...."
"ඔව් එයා එයි ඉක්ම්නටම ඔයාව බලන්න.."
⚓⚓⚓
YOU ARE READING
white jasmine 🌼🍂 jikook [ short story] completed
Short Story"ජිමින්..... ජිමින්..." මම සිය සැරේකට වඩා එයාට කතා කරන්න ඇති. ඒත් එයා මාත් එක්ක එක වචනයක්වත් කතා නොකරන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ. කාලය ගතවෙලා ගිහින්. ඔව් ගොඩාක් කාලය ගතවෙලා. ඒත්... ඇයි තාමත් එයා මෙහෙම. කොච්චර සමාව ඉල්ලුවත් නොදෙන තරමට ලොකු වැරැද්...