" ජිමිනී...."
ජීකුක් දෙන්නගෙ පුංචි ගෙදර දොර ලග ඉදන් දොරට තට්ටු කරන ගමන් කෑගහපු ටේගෙ කටහඩ ඇහිලා කිචන් එක්කේ ඉදන් කේක් එකක් බේක් කර කර හිටපු ජිමින් ටග් ගාලා දූවලා ඇවිත් දොර ඇරියේ එයාගෙ ලස්සනම හිනාවෙන් ටේට සංග්රහ කරන ගමන්.
"ටේ ටේ ඔයා ඇවිත්.."
ටේව තද කරලා බදාගත්ත ජිමින් අන්තිමට ටේව අතාරිද්දී ටේ හයියෙන් හයියෙන් හුස්ම ගත්තේ ජිමින්ව හිනාගස්සවලා.
"කව්ද මිනී..?"
ඒ අතරේ ජිමින්ගේ හිනා සද්දෙ ඇහිලා පහලට ආපු කුකී දැක්කා ජිමින් ලගින් හිටන් ඉන්න ටේව. එයාව දැකලා සතුටින් හිනා වුනු කුකී එයාලා ලගට ගිහින් ටේට ගේ ඇතුලට පිලිගත්තා.
"එන්න ටේ ටේ ඇතුලට.. මේ මිනී ඔයාට ඇතුලටවත් එන්න කිව්වෙ නැද්ද..."
ජන්කුක් එහෙම කියන ගමන් එයාලා දිහා ඇස් ගිලගෙන හිනාවෙලා බලන් ඉන්න ජිමින්ගේ කම්මුලක් මිරිකුවේ ටේගෙ කටින් බකස් ගාලා හිනාවක් පනිද්දි.
" හම්මෝ මහන්සී.. මෙන්න මම ඔයාලට බඩ්ඩක් ගෙනාවා.."
එහෙම්මම සෝෆා එකෙන් ගෙම්බා පොලවේ ගැහුවා වගේ වාඩි වුනු ටේ ජිමින් දිහාට එයාගෙ අතේ තිබ්බ බොක්ස් එකක් දික් කරද්දි ජන්කුක්ව පැත්තකට විසි කරලා දූවගෙන ආපු ජිමින් ඒක අත් දෙකෙන්ම ගත්තා.
ජිමින් ආපු විදිහ දැක්ක ටේට නවත්තගන්න බැරුව හිනා යද්දි ජන්කුක් මූන දෙක කරන් ඇවිත් ජිමින්ට ටොක්කක් ඇන්නා.
"වෝ... ටේ මේ..මේක මටද අනී........................."
ටේ ගෙනල්ලා තිබුනේ ලස්සන චූටි මග් දෙකක්. ඒ එකක් පුංචි තාරා පැටියෙක්ගේ හැඩේට . අනිත් එක පුංචි හා පැටියෙග්ගේ හැඩේට. ඒ දෙක හරිම හුරුබුහුටී වගේම හරිම ලස්සනයි.
ජිමින් ගොඩාක් ආසාවෙන් ඒ දෙක එහෙට මෙහෙට කරකර ලස්සන බැලුවේ ටේට අමුතු අමුතු වචනත් දදා ස්තූති කරන ගමන්.
ඒ කියන මෙලෝ දෙයක් නොතේරුනත් ටේ වගේම ජන්කූක් දෙන්නම දිවත් එලියට දාන් සතුට පිරුනු ඇස් වලින් හිනාවෙන ජිමින් දිහා ආදරෙන් බලන් හිටියා.

ESTÁS LEYENDO
white jasmine 🌼🍂 jikook [ short story] completed
Historia Corta"ජිමින්..... ජිමින්..." මම සිය සැරේකට වඩා එයාට කතා කරන්න ඇති. ඒත් එයා මාත් එක්ක එක වචනයක්වත් කතා නොකරන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ. කාලය ගතවෙලා ගිහින්. ඔව් ගොඩාක් කාලය ගතවෙලා. ඒත්... ඇයි තාමත් එයා මෙහෙම. කොච්චර සමාව ඉල්ලුවත් නොදෙන තරමට ලොකු වැරැද්...