02🌼

264 88 4
                                    


එදා මට ගොඩක් දුක හිතුනු දවසක්. හැමදාමත් මම ඉන්නෙ දුකින් නම් තමයි. ඒත් මේ දවසේ මට ගොඩාක් දුක හිතුනා. ඔව් ගොඩාක්..

මගේ ජිමිනී එදා උදේම කොහෙදෝ යන්න ලෑස්ති උනා. මම ගිහින් එයාට කතා කලත් එයා නෙවෙයි මගේ වචන කනකටවත් ගත්තේ. පුදුම මුරන්ඩු බෝලයක් එයා.

මම එයා අඳිනවට ආසම වයිට් ටීශර්ට් එකට නිල් පාට ඩෙමින් ට්‍රවුසර් එකක් ඇදගත්ත එයා එයාගෙ බ්‍රවුන් කලර් බැක්පැක් එකත් දාගෙන මාව දාලා ගෙදර දොරත් ලොක් කරලා යන්න ගියේ එයා යන්නෙ කොහෙද කියලාවත් මට නොකියා.

ඉතින් මට දුක හිතෙන එක අහන්නත් දෙයක්ද. ඒත් මට දැන් ඒවා පුරුදුයි. මොකද හැමදාමත් එයා එහෙමයි. හැමදාම කිව්වේ.. දැන් මාස ගානක ඉදන්ම එයා එහෙමයි. ඒත් ඒ ඇයි කියලා කියන්න මම දන්නෙ නෑ. සමහරවිට දැන් එයා මට කැමති නැතුව ඇති. එයාට මාව වදයක් වෙන්න ඇති. ඒත් ... මට බෑ එයාව දාලා යන්න .

මොකද මං එයාට ආදරෙයි.

ඉතින් වෙනදා වගේම මගේ ජැස්මින්ගේ පස්සෙන්ම එයා යන තැනට යන්න හිතාගෙන එයත් එක්කම මමත් පාරට බැස්සා. අපිට කොහොමත් වාහනයක් තිබුනේ නෑනි. මොකද අපි දෙන්නම ගොඩාක් සල්ලිකාර පෝසත් පවුල් වල ලමයි නෙවෙයි.

ඉතින් පාර දිගේම පයින්ම ඇවිදන් ගියපු එයා කිසිම ගානක් නැතුව බස් ශෝල්ට් එකේ තිබුනු බෙන්ච් එකෙන් වාඩි උනා. ඊටපස්සෙ එයාගෙ ෆෝන් එක අතට ගත්ත එයා මොනවද දිහා බලන්න පටන් ගත්තා. ඒකත් නිකන්ම නෙවෙයි හිනාවෙවී.

ඒ හිනාව... ආයිශ් එයා ඒම හිනාවෙන්නේ මාව දැක්කහම විතරයි. මේ මගේ ඉස්සරහම විතරයි. ඒත් දැන් එයා මම නොවන අය නිසාත් ඒ විදිහට හිනාවෙන්න පටන් අරන්. එයා හෝ ගාලා ෆෝන් එකේ මොනාද ඔබ ඔබ හිනාවෙනවා. හිනාවෙලා වැඩිකමටද මංදා එයාගෙ ඇස් වලින් කඳුලුත් එනවා.

"ඇයි ජැස්මින් ඔයා මට මෙහෙම කරන්නේ. ඔයා මට ආදරේ නැද්ද දැන්.. "

මම දුකින් වගේ එහෙම ඇහුවත් එයා කලේ හිනාව නවත්තලා අහක බලාගත්ත එක විතරයි. මම දැක්කා එයා අනිප්පැත්ත හැරිලා බෑග් එකෙන් ලේන්සුවක් අරන් හිනාවෙවීම එයාගෙ කඳුලු පිහිනවා. එයාට තවත් හිනා.

'මොකද්ද මැනික ඔච්චරටම ඔයාට හිනා යන්න හේතුව..?'


⚓⚓⚓

white jasmine 🌼🍂 jikook [ short story] completedМесто, где живут истории. Откройте их для себя