ටික වෙලාවකින් මාව එයාගෙ අත් අතරට ගත්ත ටේ මාවත් උස්සගෙනම ගියේ මගේ කාමරේට. මාව ඇද උඩින් තියපු එයා මගේ කාමරේ පුංචි ස්ටූල් එක උඩ තිබ්බ වතුර වීදුරුවෙන් වතුර ටිකකින් ටිශූ එකක් තෙමලා මගේ මූන පිහදලා දැම්මා.
"දැන් ඇති ජිමිනී.. හොදටම ඇති ඇඩුවා. එයා ආයෙමත් එයි පැටියෝ. ඉක්මනටම එයි. ඔයාව බලන්න අනිවාරෙන්ම එයා එනවා. ඒ නිසා විස්වාසෙන් අපි බලන් ඉමු. හොදද... දැන් අඩන්නෙ නැතුව හොද ලමයා වගේ නිදාගන්න. අපි යමු හෙට එයාව බලන්න අනිවාරෙන්ම.. ම්ම්.. "
ටේ එහෙම කියන ගමන් මගේ ඔලුව අතගෑවා. ඇත්තටම මගේ හිතට ලොකූ සැනසීමක් ඒ වචන නිසා දැනුනා. ඔව් මගේ කුකී ආයෙමත් එයි මං ලගට ඉක්මනටම..
එහෙම හිතපු මම ටේට ඔලුව වනලා ඇදේ හාන්සිවෙලා මගේ කුකීගෙ සුවද පිරුනු ඒ කොට්ටය තුරුලු කරන් ඇස් වහගත්තා. මම දැක්කා ටික වෙලාවක් මගේ දිහා බලන් හිටපු ටේ එතනින් යනවා. එයා ගෙදර යනවා ඇති.
එහෙම හිතපු මම එයා ගියාට පස්සෙ නැගිටලා එයාගෙ මතක පුරවලා මම හදපු පුංචි පොත මගේ අතට ගත්තා. ඒක මගේ කුකීගේ ලස්සන පින්තූරවලින් පිරීලා තිබුනා. කොච්චර වෙලාවක් මම ඒ පින්තූර අතරේ තනිවෙලා හිටියද කියන්න මම දන්නෙ නෑ. ඒත් මට දැනුනා මගේ ඇස් වලින් ගලන කඳුලු මගේ කම්මුල් දිගේ ගලන් ගිහින් මෙට්ටය උඩට වැටෙනවා.
" ඔයා ආයෙත් එනවද මං ගාවට. දන්නවද ඔයා.. මට ගොඩාක් පාලුයි.."
මගේ කුකී හිනාවෙලා මගේ දිහා බලන් ඉන්න පින්තූරයක් ලග නැවතුනු මගේ ඇස් වලින් කියපු කතාව ඒ විදිහට මම වචන කලා. මට තවත් ඉවසන්න අමාරුයි. කුකීගේ රූපය තුරුලු කරගත්ත මම එහෙම්මම ඇදේ හාන්සි උනේ මගේ හදවත කෑලිවලට කැඩෙන්න තරම් වේදනාවක් දැනුනු නිසා.
මම ඇඩුවා මගේ කොට්ටය තෙමෙනකන්ම . ඒත් එකපාරටම මට දැනුච්ච ඒ දේ.. මට නොදැනීම ඇද උඩ ඉදගත්තා. මට... මට දැනුනා කවුරුහරි මගේ ඔලුව අතගානවා වගේ. ආහ් මට පිස්සු හැදිලද. නෑ නෑ මට දැනුනා... ඒ මගේ ජන්කුකීද..
"ක්..කව්ද... ඔතන කවුරුහරි ඉන්නවද..?"
බයෙන් වගේ එහෙම අහපු මම මුලු කාමරේ පුරාම මගේ කඳුලු ඇස් ගෙනිච්චේ මගේ ඉකිය බොහොම අමාරුවෙන් පාලනය කරගෙන. නෑ කවුරුවත්ම නෑ... මේ කාමරේ මම ඇරෙන්න වෙන කිසිම කෙනෙක් නෑ.
" ජන්කුකී... මට ඔයා නැතුව කොච්චර පාලුයිද කියනවා නම් මට ඔයාගෙ ස්පර්ශය මැවිලත් දැනෙනවා කූ... ප්ලීස් ආයෙත් මං ගාවට එන්න. මට.... මට ගොඩාක් පාලුයි කුකී..."
ආයෙමත් මගේ අතේ තිබුනු කුකීගේ රූපය තුරුලු කරගත්ත මම ඇදෙන් හාන්සි උනා.
⚓⚓⚓
ESTÁS LEYENDO
white jasmine 🌼🍂 jikook [ short story] completed
Historia Corta"ජිමින්..... ජිමින්..." මම සිය සැරේකට වඩා එයාට කතා කරන්න ඇති. ඒත් එයා මාත් එක්ක එක වචනයක්වත් කතා නොකරන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ. කාලය ගතවෙලා ගිහින්. ඔව් ගොඩාක් කාලය ගතවෙලා. ඒත්... ඇයි තාමත් එයා මෙහෙම. කොච්චර සමාව ඉල්ලුවත් නොදෙන තරමට ලොකු වැරැද්...