25🌼

158 66 4
                                    


" මිනී... ඉක්මනට එන්නකෝ..."

ජැස්මින් මල් යාය මැද තිබුනු පුංචි ඔන්චිල්ලාවේ ඉදගෙන පැද්දෙන ගමන් එයාගෙ මිනී එනකන් බලන් හිටපු ජන්කුක් අන්තිමට කෑ ගහලා එයාට කතා කලේ එයා තවමත් නැති නිසා.

වෙනදට එයා හදන කොෆී එක් අද ජිමින්ම හදන්න බාරගත්තේ ජන්කුක්ට එයා එනකන් ඔන්චිල්ලාව උඩට වෙලා එන්න කියලා.

ෛතින් දැන් පැය බාගෙකටත් වැඩී.. ඔන්න ඉතින් අන්තිමට ජිමින් ගේ ඇතුලෙන් එලියට ආවා .නිකන්ම නෙවෙයි රසම රස කොෆී පිරුනු මග් දෙකක් එක්ක ලස්සනට සරසපු කප්කේක්ස් ප්ලේට් එකකුත් ට්‍රේ එකක තියාගෙන.

"ආයිශ් මිනී..."

ඒකත් අරන් බොහොම අමාරුවෙන් බැලන්ස් කරගෙන හිමින් හිමින් ගෙදරින් එලියට එන මිනීව දැක්ක ජන්කුක් හිනාවෙවී ඇවිත් ට්‍රේ එක ජිමින්ගේ අතින් අරගත්තා.

ඒත් එක්කම ජිමින් ට්‍රේ එක දිහාත් බලලා ඇස් ලොකූ කරලා ජන්කුක් දිහා බලලා හුරතල් විදිහට එයාගෙ ඇස් ගිලෙන හිනාවෙන් හිනා වුනාම ජන්කුක් පහලට නැවිලා ඒ පිම්බුනු කම්මුල් වලින් හාදුවක් තිබ්බේ ආදරෙන්.

"කෝ එන්න ඉතින්..."

ඊටපස්සේ ජන්කුක්ගේ ශර්ට් එකේ කොනකින් අල්ලගෙන එයාව හිමීට අදින ගමන් ඔන්චිල්ලාව පෙන්නපු ජිමින් රතූ වුනු එයාගෙ මූන අතින් අතින් අල්ලගෙන ඔන්චිල්ලාව ලගට ගියා. ජන්කුකීත් එයාගෙ පස්සෙන්ම ගිහින් ජිමින්ට එහාපැත්තෙ ඉඳගත්තා.

" ගොඩ දවසකින්.... නේද කුකී.."

අහස දිහා බලාගෙන සුසුමක් හෙලපු ජිමින් එහෙම කියලා ජන්කුක් දිහා බැලුවා.

"හ්ම්ම්......"

හිමීට මුමුනපු ජන්කුක් එයාගෙ අතේ තිබ්බ ට්‍රේ එක පැත්තකින් තියලා ජිමින්ව උස්සලා එයාගෙ ඔඩොක්කුවට ගත්තා.

" මට ඔයාව මිස් වුනු ඒ මාස තුනට හරියන්න මට දැන් ඔයා එක්ක ඉන්න ඕනෙ ජිමිනී... ඔයා එක්කම ඉන්න ඕනි මට.."

ජිමින්ව තද කරලා බදාගත්ත ජන්කූක් ජිමින්ගේ සුවද පිරුනු බෙල්ලේ එයාගෙ නහය වද්දන ගමන් මිමිනුවා. ජන්කුක්ගේ උනුසුම් හුස්ම එයාගෙ බෙල්ලේ වදිනකොට නිකන්ම ඇස් දෙක පියාගත්ත ජිමින් බෙල්ල ඇල කරලා ජන්කුක්ට ඉඩ දුන්නේ මේ ස්පර්ශයන් මේ උනුහුම එයාටත් විඳින්න ඕනි වෙලා තිබුනු නිසා.

"මටත් ජන්කුකී... ඔයා එක්කම ඉන්න ඕනෙ මටත්.."

ඇස් දෙක වහගෙන මුමුනපු ජිමින් අන්තිමට එයාගෙ ඇස් දෙක ඇරලා ජන්කුක්ගේ මූන දිහා බැලුවා. ජන්කුකීත් හිමින් සැරේ එයාගෙ අතේ ඉන්න පුංචි මිනීගේ ෛනෙන් අල්ලගෙන ඒ පුංචි මූනට එබුනා.

"අයි රියලි මිස් යූ......"

" මිස් යූ ටූ කුකී..."

ජන්කුක්ගේ ඇස් ලා රෝස පාටින් දිලිසෙන ජිමින්ගේ බෝල තොල් වල නවතිනකොට ජිමින් එයාගෙ අත් වලින් ජන්කුකි අත් දෙක තද කරලා අල්ලගත්තා. ඒත් එක්කම හිමින් සැරේ ඒ තොල් වලට නැවුනු ජන්කුක් ඒ බෝල තොල් අතර එයාගෙ තොල් තියලා ජිමින්ව ආදරෙන් සිපගත්තා.

ඇස් දෙක පියාගෙන ඒ හාදුවට ප්‍රතිචාර දක්වපු ජිමින් ජන්කුක් එක්ක විනාඩි ගානක් ඒ හාදුව රසවින්දේ එයාලගෙ පුංචි කුමාරයෝ දෙන්නව ආයෙමත් දකින්න ලැබුනු සතුටට පුංචි ජැස්මින් යායේ ජැස්මින් මල් කුමරියෝ එයාලගෙ සුවද මුලු වටපිටාවටම පතුරවද්දි.




⚓⚓⚓

white jasmine 🌼🍂 jikook [ short story] completedWhere stories live. Discover now