"ජිමින්.. ජන්කුක්ව බලන්න අපිට දැන් යන්න පුලුවන්.."
ජැස්මින් පාත්තිය ගාව වාඩිවෙලා අහස දිහා බලාගෙන හිටපු ජිමින් ගාවට ආපු ටේ ජිමින්ට කතා කලා. ඒ හඩ ඇහෙනකොටම ජිමින් ඊතලයක් වගේ කෙලින් වෙලා ටේ දිහා බැලුවා.
"එයා ඇවිල්ලද..?"
ඉක්මනටම හිටගත්ත ජිමින් ටේගෙ උරහිස් දෙකෙන් අල්ලලා හිනාවෙලා ඇහුවහම ටේ ඔලුව උඩට පහලට වැනුවේ ඔව් කියලා කියන්න.
" අපි යමු.."
ඒත් එක්කම ටේගෙ අතින් අල්ලගත්ත ජිමින් එයාවත් ඇදගෙන පුංචි ගාඩ්න් එකෙන් එලියට ඇවිත් කොරිඩෝ එක දිගේම ගිහින් ජන්කුක්ගේ රූම් එක ලගට ආවා.
" එන්න ඔයාලට ඇතුලට යන්න පුලුවන් . එයාට දැන් හොදවෙමින් තියෙන්නේ."
රූම් එකේ දොර අරිනකොටම එතන හිටපු නර්ස් එයාල දෙන්නට කිව්වා. ජිමින්ගෙ ඇස් දිලිසෙනවා. එයා හිමින් හිමින් රූම් එක ඇතුලටම ගියා.
එයා ඉන්නවා.. කාමරේ කොනේම තිබුනු ඇද උඩ වාඩිවෙලා ජනේලෙන් එලිය දිහා බලාගෙන. ජිමින් ඒ මූන දිහාත් එයාගෙ අතට දාලා තිබුනු කැනියුලා එක දිහාත් ටික වෙලාවක් බලන් ඉදලා හිමින් හිමින් ඉස්සරහට ගියා.
ඒ අතරේ ටේ ජිමින්ගෙ අතින් එයාගෙ අත ගලවගෙන දොර ලග නැවතුනේ ඒ දෙන්නට නිදහසේ ඉන්න ඉඩ හදලා දීලා.
හිමින් හිමින් ජන්කූක්ගේ ඇද ලගටම ගියපු ජිමින් ජන්කුක්ගෙ මූන දිහා බලන් හිටියා. ඒත් එක්කම එයාගෙ ඔලුව හරවලා ජිමින් දිහා බලපු ජන්කුක්ගෙ ඇස් ඒ තත්ත්පරෙන් කඳුලු වලින් පිරීලා ගියේ ජිමින්ගෙ ඇස් දෙකත් බොඳවෙද්දි.
"ජ්..ජන්කුක්.."
"ජැස්මින්.."
විනාඩියකටත් වැඩිවෙලාවක් ඇස් අතරේ තනිවෙලා ඉදලා අන්තිමට දෙන්නම එකම වෙලාවේ එහෙම කියනකොට දෙන්නගේම මූනුවල ලස්සන හිනාවක් රැදුනා.
" ම.. මාව මතකයි නේද කුකී.."
ජිමින් ගොත ගගහා අහනකොට ජන්කුක්ට ලස්සන හිනාවකින් මූන සරසගෙන ජිමින් දිහා බලාගෙන හිටියා.
" ජැස්මින්.... මට කොහොමද ඔයාව අමතක වෙන්නේ.."
ජිමින් ඒ තත්ත්පරෙන් ජන්කුක්ව බදාගත්තේ හයියෙන් අඩන ගමන්. එයා ඉකි ගහ ගහ ඇඩුවා එයාගෙ ජන්කුක්ගේ උනුහුමේ ගුලි වෙලා. මාස තුනක් තිස්සේ හිර කරන් හිටපු කඳුලු වලින් එයා ජන්කූක් ඇදන් හිටපු පිජාමා ශර්ට් එක තෙත් කලා.
ජිමින්ව වාරු කරන් ඒ කූරු කොන්ඩය දිහා බලන් හිටපු ජන්කුක් ජිමින්ගේ පිටට හිමින් සැරේ තට්ටු දැම්මේ එයාට ඇති වෙනකන්ම අඩන්න ඉඩ දීලා.
⚓⚓⚓
YOU ARE READING
white jasmine 🌼🍂 jikook [ short story] completed
Short Story"ජිමින්..... ජිමින්..." මම සිය සැරේකට වඩා එයාට කතා කරන්න ඇති. ඒත් එයා මාත් එක්ක එක වචනයක්වත් කතා නොකරන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ. කාලය ගතවෙලා ගිහින්. ඔව් ගොඩාක් කාලය ගතවෙලා. ඒත්... ඇයි තාමත් එයා මෙහෙම. කොච්චර සමාව ඉල්ලුවත් නොදෙන තරමට ලොකු වැරැද්...