23🌼

158 71 6
                                    


කැෆටේරියා එකට දුවලා ගියපු ටේ එතන තිබුනු මේසයක අත තියලා හති අරින්න ගත්තේ හරියට මීටර් සීය දිව්වා වගේ. ඊටපස්සේ ඇස් වලට උනලා තිබුනු කඳුලු ටික ඉක්මනටම පිහාගත්ත එයා කැශියර් එක ගාවට ගිහින් අයිස් ඇමරිකානෝ දෙකකුයි හොට්ඩෝග් දෙකකුයි පොටෑටෝ චිප්ස් පැකට් එකකුයි අරගත්තා.

" මේවා වලට ජිමින් ආසාවෙයි.."

එයාටම මුමුනගත්ත ටේ ඒවත් අරගෙන ආයෙමත් හිමින් හිමින් ජිමින් හිටපු බෙන්ච් එක පැත්තට යන්න ගත්තේ හිතේ ඇවිලෙමින් තිබුනු දාහක් හැගීම් වලට කොමාවක් තියලා.

" ජිමින්.... කෝ ඔයා..?"

එයා බෙන්ච් එක ලගට ආවත් එතන ජිමින් හිටියේ නෑ. බෙන්ච් එක උඩින් කෑම ටික තිබ්බ ටේ හැමතැනටම ඇස් යැව්වත් ජිමින් ඒ කොහෙවත් ඉන්නවා එයා දැක්කේ නෑ. ඒපාර එයා ජිමින්ව හොයන ගමන් කොරිඩෝ එකේ ඉස්සරහට ඇවිදන් ගියේ කලබලෙන්.. එයා කොහේ ගිහින්ද..?

කලබලෙන් වටේටම කැරකි කැරකි ජිමින්ව හොයපු ටේ අන්තිමට ගිහින් නැවතුනේ හොස්පිට්ල් එකේම තිබුනු පුංචී ගාඩ්න් එකක් ලග. ඔව් එයා එතන හිටියා. පුංචි මල් පාත්තියක් ලග ඉදගෙන . ජැස්මින්...... එයා නැවතිලා තිබුනේ පුංචි ජැස්මින් පාත්තියක් ලග. ඒ මල්වල සුවද ඒ වෙනකොට ඒ පුංචි ගාඩ්න් එක වටේටම පැතිරිලා තිබුනේ හරිම ආසා හිතෙන විදිහට.

ගාඩ්න් එකට ඇතුල්වෙන තැන තිබුනු පුංචි ගේට්ටුව ලග නතරවුනු ටේ ඒ මල් පාත්තිය ගාව වාඩිවෙලා පුංචි මල් එක්ක කතා කරන ජිමින් දිහා බලාගෙන හිටියා. ඒ දිලිසෙන ඇස් කොච්චර සතුටින් පිරිලද කියලා ඈත හිටියත් ටේට පෙනුනා. ඒ පුංචි මූන සතුටින් දිලිසෙන හැරි ටේ බලාගෙන හිටියා එයාගෙ මුහුනත් පුංචි හිනාවකින් සරසගෙන.

" ඉතින් ජැස්මින්... මගේ කුකී මං ගාවට ආයෙමත් එන්නයි යන්නේ.. මම මේ බලාගෙනයි ඉන්නේ. ඔයාල දන්නවද ඔයාල වගේම අය ගොඩාක් මගේ ගෙදර ඉන්නවා. කූ මට ආදරේක කියන්නෙත් ඔයාලගෙ නම..මගේ පුංචි ජැස්මින්... "

කතාව පොඩ්ඩකට නතර කරපු ජිමින් එයාගෙ අතින් කට වහගෙන හිනා වුනේ හරිම හුරතල් විදිහට.

" එයා මට ඒමයි කතා කරන්නේ. ඔයාලා දන්නවද මම එයාගෙ කටින් ඒ වචනේ ආයෙමත් අහන්න කොච්චර ආසාවෙන් බලන් හිටියද කියල. ඉතින් දැන් මට ඒ අවස්තාව ලැබෙන්නයි යන්නේ ඉක්මනටම...."

ජිමින් පුදුම තරම් සතුටකින් ජැස්මින් මල් එක්ක කතා කලා. ඒ දිහා ඈත ඉදන් බලාගෙන හිටපු ටේ ජිමින්ට කරදර නොකලේ එයා එතන ඉන්නෙ ගොඩාක් නිදහසේ නිසා. ඒ පුංචි මූනේ සතුට ටේ දැක්ක නිසා.

ඉතින් ටේ බලාගෙන හිටියා ඒ සතුටින් පිරුනු ඇස් දිහා අමූතු හැගීමකින් කෑ ගහන එයාගෙ හිතට තරවටු කරන ගමන්.

" ඔයා හැමදාමත් ඔය විදිහටම සතුටින් ඉන්න ඕනේ පුංචි ජැස්මින්.."

හිමින් මුමුනපු ටේ ලොකූ හුස්මක් පිට කරලා තවමත් නොනවත්වාම කියවන ඒ පුංචි හුරතලේ දිහා බලාගෙන හිටියා. 





⚓⚓⚓

එපිසෝඩ් තිහකින් වගේ ඉවර කරන්න බලන්නම් හොදේ... ඊටවඩා වැඩි උනොත් ශමාවෙන්න..

white jasmine 🌼🍂 jikook [ short story] completedWhere stories live. Discover now