01

11.1K 487 27
                                    

"මොකද උබට උනේ "

"මන් ආදරේ කරා "

"ඉතින්?"

"අයිති නැති කෙනෙක්ට , දැන දැනත් "

"දැනගෙනත් එහෙනම් ආදරේ කලේ "

"හේතුවක් නෑ "

"හ්ම්ම් ..!!"

"එයා ආදරෙයි කිව්වා ගොඩක් "

"එහෙනම් වෙන් වුනේ ? "

"මට නෙවේ "

"එහෙනම් "

"අරයට "

"What? "

"මට ආදරෙයි කිව්වා . අරයට ගොඩක් ආදරෙයි කිව්වා "

What the fuck ? මන් කට කොනින් හිනා වුණා .සුපුරුදු පරිදි මගේ හිත මා එක්ක කතාවක .

"කෙනෙක්ට අවන්කවම ආදරේ කොට තවත් කෙනෙක් ට ආදරේ හිතෙන්න පුලුවන්ද ? "

මගේ හිත ඔය ප්‍රශ්නේ මගෙන්ම සියපාරක් අහලා ඇති ඒත් මන් කවදාවත් ඒක අහන්න ඕනේ කෙනාගෙන් ඇහුවේ නෑ .

මන් මේ ලෝකේ වැඩියෙන්ම වෛර කරන දේ අනුකම්පාව එහෙම මනුස්සයෙක්ට තමන් ගැනම ආත්මානුකම්පාවක් ඇති වෙන එක දරා ගන්න පුලුවන් කියලා හිතෙනවද ?

මං කවදාවත් ඔයා මගෙ පළවෙනි ආදරේ වුණ එක ගැන පසු තැවෙන්නෙ නෑ ඉතින් ඔයත් කවදාවත් ඒ ගැන පසු තැවෙන්න එපා

මන් එයාට කිව්වෙ එහෙම

ඔව් මන් ඒ ගැන පසු තැවෙන්නෙ නෑ එයා ළග මොකුත් නැතත් එයා හොද මනුස්සයෙක් එයා හොද නිසා මන් පසු තැවෙන් නෑ

වෙන් වෙලා මාස හයකට පස්සෙ මං පසු තැවෙන්නෙ නෑ කියලා නිදහසට කරුණු දැක්වුවෙ එහෙම

ඒත් ඇත්තටම එහෙමද ?

හ්ම්ම්

ඇත්තම කතාව නම් මං දැන් පසුතැවෙනවා .

අයිති නැති ලබා ගන්න බැරි කෙනෙක්ට මගෙ පළවෙනි ආදරේ නිස්කාරනේ අපතෙ ඇරියට .

උඹට කලකිරීමක් ද තියෙන්නෙ අයියා ගැන ?

මගෙ යාලුවා මාව හම්බේන හැම වතාවකම අහන ප්‍රශ්නෙ

"හ්ම්ම්... අනෙ මංදා " හැමදාම ඒ ඇස් මග ඇරලා මං දෙන උත්තරේ ඒක

මගේ මහන්තත්ත කම මට ඉඩ දෙන්නෙ නෑ මගේ තීරණ මගේ තෝරා ගැනීම් ගැන මං පසු තැවෙනවා කියලා පිලි ගන්න .

නුඹ හා Where stories live. Discover now