මට කියලා හිටපු එකම කෙනත් අද මාව දාලා දුරකට යනවා .
අම්මා , මගෙ අම්මා අද මාව ලංකාවෙ දාලා ඉතාලියට යනවා .
අම්මා යනවා තාත්තා ගාවට තාත්තට අසනීප නිසා එයාට වැඩ කර ගන්න බැරි නිසා .අම්මට නොයා බැහැ මන් දන්නවා .ඒකට මටවත් අම්මට වත් කරන්න දෙයක් නෑ ..
අන්තිමට දැනුන දුක හංගගෙන අම්මට සමුදීලා මන් ලොකුයි සුදුයි එක්ක ආපහු එන්න පිටත් උනා .
හැමදේම පැත්තකට දාලා කලින් කියව කියව ඉදලා අන්තිමට මොනා වෙයිද කියන බය හිතටදැනෙන්න ගත්ත තැනින් නවත්තලා දාපු fb නවල් එකේ අන්තිම ටික කියවන්න ගත්තේ දැන් ඉන්න සිටුවේශන් එකත් එක්ක ඕක දරා ගන්න එක මහලොකු දෙයක් නෙවේ වගේ ම කොයි තරම් දුකක් උනත් කමක් නෑ මේ දේවල් ටිකකට හරි අමතක කරවනවා නම් .සමහර වෙලාවල් සමහර අවස්තාවන් තියෙනවා එක වේදනාවක් නැති කර ගන්න තවත් වේදනාවක් ඇති කර ගන්න සිද්ද වෙන .දැකලා තියෙන වද සමහර කොල්ලො කෙල්ලො හිත් රිදීම් ඇති උනාම අත කපාගන්නවා තමන්ට තුවාල කර ගන්නවා.මන් නම් අනුමත කරන්නෙ නෑ ඒක පුංචි පුංචි දේවල් වලට නටන එක .මන් කියන්නෙ ඒක නෙවේ .සමහර වෙලාවට දරා ගන්න බැරි දුකක් කේන්තියක් දැනුනම අත්වල නහර වල ලේ පවා යන හැටි දැනෙන මොහොතවල් තියෙනවා .ඒක දරා ගන්න බැරි තරම් උනාම හිතෙනවා නහරයක් කපලා දාලා ලේ ටික නිදහස් කරා නම් සැපයි කියලා .දන්නවද දන්නෙ නෑ කැපුමකින් සැනසීම හොයා ගන්න වේදනාව අඩු කර ගන්න පුලුවන් අවස්තා ඕනී තරන් මේ ජිවිතේ තිබිලා තියෙනවා.ඒ වගේම මන් හොදින්ම අත් විදලා තියෙනව පුංචිම පුංචි කැපුමකට ඒ වේදනාව නැති කරලා දාලා යන්තම් සහනයක් සැනසීමක් හොයා ගන්න පුලුවන් බවත්. හැබැයි ඒක අහම්බයක් .මන් මට කොච්චර රිදුනත් ඒ වගේ විකල්ප වලට යන්න බයයි .මන් බයයි මන් ඇබ්බැහි වෙයි කියලා .එහෙමයි කියලා මන් මොකුත් නොකරමත් කියන්න බෑ.
කොහොම හරි සැරෙන් සැරේ නවත්ත නවත්ත පපුව උඩ බරක් පටෝලා වගෙ දැන හැගීමත් එක්ක කතාව කියවලා ඉවර කරේ ඒකෙ තිබ්බ සතුටු දායක අවසානෙට ලියපු මනුසායට හිතෙන් පිං දෙන ගමන් ...
ලොකුයි සුදුයි එක එක දේවල් කතා කරත් මන් කරේ කාර් එකේ ජනේලෙන් එලිය බලාගෙන කල්පනා කරපු එක .
YOU ARE READING
නුඹ හා
Non-Fictionහුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන...