"අඩෝ යශා "
මන් පහලට යනකොටම දැක්කෙ සාලෙට කාඩ පාත් උන කොල්ලො රෑනක් හග් කරන ලොකුවයි සුදු අයියවයි .කොලු රෑනට පිටි පස්සෙ කෙල්ලො දෙන්නෙකුත් ඉදලා මන් දැක්කෙ දැන්
"කව්ද අප්පේ මේ "
කට්ටිය සිප වැලද ගැනීම් ඉවර වෙලා වාඩි වුනාම තමා මාව දැක්කේ ."මේ ඇවිල්ලා අපේ චූටි මල්ලි " සුදු අයියා නාට්‍යානුසාරයෙන් මාව සභාව මැදට ගෙනත් අදුන්නලා දුන්නා.
"මේ ඉන්නෙ ශ්‍රී , ශෙනාල් , අකේශ් , රංජුල , මලින්දි , දෙව්මි
මුන් දෙන්නා මගෙ වයසෙ " සුදු අයිය කිව්වෙ ශ්‍රී ටයි ශෙනාල් ටයි අත දික් කරලා .මන් හිනා නොවී බැරි කමට හිනා වුනා .
අනිත් ඔක්කොම ලොකුගෙ වයසෙ දෙව්මී නම් ඔයාට වඩා අවුද්දක් බාලයි . ආදරේට වයස බලපාන්නේ නෑනේ සගෝ ඒක නිසා වෙනසක් නැතුව මුන් ඔක්කොම මගෙයි ලොකුගෙයි යාලුවෝ "
මන් ආයේ හිනා උනා .
එතකොට මචන් ලා මේ ඉන්නේ අපේ චූටි මලයා .ආර්ලෝ නේතන් ."
"කොල්ලා වගේම නමත් ලස්සනයි නේ " එතන හිටපු අක්කා කිව්වාම මන් ආයෙත් හිනා උනා .
මන් වෙන මොනා කියන්නද ඉතිම් .
"මොනාද බන් මේ උස්සන් ඇවිත් තියෙන්නේ " සුදු අයියා යාලුවෝ උස්සන් ආපු බෑග් අදින ගමන් ඇහුවා .
"එළවලු මචෝ එලවලු " මිගාර අයියා කිව්වා.
'මොකද්ද යකෝ ගෙදරකට එනකොට එලවලු උස්සන් එන්නෙ .උබලා දන්නෙ නැද්ද චොකලට් කේක් එකක් වගේ අරන් එන්න සෙද්ද .අහෝ....මගේ චොකලට් කේක් සිහිනය "
සුදු අයියා මුන ඇඹුල් කරන් කියනකොට හෑමෝටම හිනා .
සුදූ විකාර නොකර ගිහින් බොන්න මොනා හරි අරන් එනවා . "
"සුදු අයියත් එක්කම මාත් කුස්සියට ගියා "
.
.
.
.
.
.
.
.
ලන්ච් එකත් ආගෙන ඉවර වෙලා මිගාර අයියා ලොකු අයියට ලියුම් කවරයක් දික් කරා." තව සති දෙකකින් තියෙන්නෙ තුන් දෙනාම එන්න ඕනේ "
"මොකද්ද ලොකූ "
සුදු අයියත් බෙල්ල දැම්මා .
YOU ARE READING
නුඹ හා
Non-Fictionහුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන...