"මන් හරි ආදරෙයි ලොකූ..ඔය දෙන්නට මන් ගොඩා..ක් ආදරෙයි " මන් ලොකූ දිහා බලලා හිනා වෙලා කිව්වා .
"ඊලග අත්මේ නම් අපි තුන් දෙනාම එකම කුසක ඉපදෙන්න ඕනේ "
"ඒක එතකොට බලමුකො . දැන් ඕක කියවන්න " චුට්ට වෙලාවක් මා දිහා බලන් උන්න් ලොකූ මගෙ ඔලුවත් අතගාලා කිව්වා .
ඊට පස්සෙ ලොකුත් ටික වෙලාවක් නිදා ගත්තා . මමත් පොත පැත්තකට දාලා ඔහේ කල්පනා කර කර හිටියා
ඊට පස්සෙ දෙන්නම නැගිට්ටම කෑම රත් කරලා කෑවා මෙහෙ කොහොමත් එහෙමනේ උයලා විනාඩි දහයක් යන්න කලින් සීතල වෙනවා .
"අම්මෝ කාලෙකින් චූටිගෙ කෑම " සුදු අයියා කිව්වා .
" ම්ම් බඩ පිරෙන්න කෑවා අද නම් " ලොකු අයියත් ඒකට එකතු කරා .
"කෝ ආ කියපන් බන් මූණ දිහා බලන් ඉන්නෙ නැතුව "
සුදු අයියා ආයෙම කෑ ගහනවා . ඔව් ඔව් එයා තමයි මට බත් කවන්නෙ .
"කවද්ද දැන් නුවර යන්නෙ "
"ඒක පස්සෙ බලමුකො දැන් කාලා ඉන්නකො "
.
.
.
.
.මන් ගෙදර ආපු ගමන් දුවන් ගියේ කාමරෙ තිබ්බ වොශ් රූම් එකට ..ටැන්කිය හිස් කර ගන්න ...
ඔහොම්ම නාගෙන ඇවිත් අල්මාරිය ඇරලා සැහැල්ලු ශෝටකට බැහැ ගත්තේ දවස් තුනක් තිස්සේ උදේ රෑ නැතුව ඇදුම් වල හිර වෙලා ඉදලම ඇගට දැනුන තෙහෙට්ටුව නැති කර ගන්න ....
මේසෙ උඩ තිබ්බ පෝන් එක අරගෙන කෝල් එකක් අරගෙන බැල්කනි එක පැත්තට යන්න හැදුවත් කාමරේ ඇතුලෙන්ම රින් වෙන සද්දයක් ඇහුන නිසා ආයෙත් හැරෙනකොට දැක්කෙ ඇදේ ඉන්න අයියලා දෙන්නව..
මන් පෝනෙකත් උස්සන් දුවලා ගිහින් පැන්නෙ දෙන්න ලගට ....
"ඔයාලා මෙතනද හිටියෙ මන් දැක්කෙත් නෑ..."
" ඔව් ඉතින් මේ ලෝකේ සිහියෙන් නෙවේ නේ ඉන්නේ.." සුදු අයියා කිව්වෙ මගෙ නහය මිරිකලා..
" ඇයි ඔයාලා ගියෙ නැත්තේ "
මෙච්චර වෙලාම ඇගවල් උඩ හරහට වැටීගෙන හිටපු මාව ඇදලා ගත්තෙ ඒ දෙන්නා මැද්දට...
YOU ARE READING
නුඹ හා
Non-Fictionහුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන...