06

2.8K 344 15
                                    

ඒත් එක්කම කිරි වීදුරු දෙකකුත් අරගෙන ආපු ලොකු අයියා ඇහුවා .

"බලනවකො ලොකූ මූව හොදා ගේ ඉස්සරහින් හිටවන්න පඹයෙක් වගේ "

"නිකන් ඉන්නවා සුදු ඔය ලමයව අව්ස්සන්නෙ නැතුව .කෝ මෙහෙ ඇවිත් මේ කිරි එක බොන්න දෙන්නම "

"ම්ම්ම් ....මට නිදි මතයි " මන් කිව්වේ ආයෙම ඇදෙන් ඉද ගන්න ගමන්

"චූටී මගෙන් ගුටි කන්න එපා...මේක බීලා නිදා ගන්න ..අමුතුවෙන්නිවන්න දෙයක් නෑ දැන් .කෝ කෝ මෙහෙ එන්න , සුදූ තමුසෙත් මේක බොනවා තියෙන තරන් සැර ජාතී කාලා කාලා "

අම්බෝ ලොකු කියවනවා කියවනවා ඉවරයක් නෑ .අදමද මන්දා මේ මනුස්සයා මෙච්චර කතා කරේ .

"අපි විතරක් නෙවේ ලොකූ ඔයත් ඒවා කෑවනේ .ඉතින් කෝ ඔයාට කිරි "

සුදු අයියා ඇහුවේ පපුවටත් අත් දෙක බැදගෙන .

"හා හා මට ඕනේ නෑ ඔයාලාබොන්න "

"ඒම බෑනේ " මගෙ අතේ තිබ්බ කිටි විදුරුවෙන් බාගයක් එක හුස්මට බීපු මම ඉතුරු බාගේ ලොකූගෙ අතින් තියලා වොශ් රූම් එකට දිව්වා .

"කොහෙද යන්නෙ මේ ටික බොනවා "

ලොකූ කැ ගහනවා .

" මට එපෝ ඔයා බොන්ඩෝ" කෑ ගහලා කියපු මම කට හෝදගෙන එලියට එනකොට බාගෙයක් තිබුන කිරි වීදුරුව සම්පූර්ණ පිරිලා .
සුදු අයියා දිහා බලනකොට මෑන් හිනාවක් දාලා මට ඇහැක් ගැහුවා .

කොච්චර එහෙ මෙහේ දිව්වා උනත් මන් උන්නෙ මර නිදිමතේ . අනිත් දෙන්නා වොශ් දාලා උන්නත් ආයෙම වොශ් රූම් ගිහින් ඇවිත් ලයිට් ඕෆ් කරලා ඇදට නගිනකොට මන් හිටියේ නින්දත් නොනින්දත් අතර .

"සුදූ "

"ම්ම්ම්"

"චූටි ට නින්ද ගිහින්ද බන් "

"හ්ම්ම්"

"පව් කොල්ලට මහන්සි ඇති "

ලොකූ ගේ වචනත් එක්ක මගේ ඇස් තදින්ම පිය වෙලා ගියේ ඊට පස්සෙ එයාලාකතා කරපු දේවල් එකක් වත් මට නෑහෙන්න .

"ම්ම්ම්හ් " හීනයක් අස්සෙ අතරම් වෙලා හිටිය මං හීනෙත් එක්කම අවදි වුනා. නුහුරු වටපිටාවක් නුහුරු උණුසුමක් එක්ක අවදි උන මන් තප්පරයක් දෙකක් ඒ විදියටම හිටියේ මේ ඉන්නේ කොහෙද කියලා මතක් කර ගන්න .

නුඹ හා Where stories live. Discover now