හෙට පලවෙනිදා . හ්ම්ම් . හෙට සමරන්න ඕනේ එච්චරයි . නත්තලටත් අපි හිටියේ හොස්පිට්ල් එකේ නේ.
අපි කට්ටියම හිටියේ ඉස්සරහා දොරෙන් එලියට බැහින තැන් පඩිය උඩ පේලියට වාඩි වෙලා අහස දිහා බලාගෙන .
අපි සේසාන් වයි සේන් වයිත් ගෙන්න ගත්තා අවුරුදු සමරන්න . උන් දෙන්නා උන්නයි කියලත් ඒ ගෙදර මොකො කිරිබත් හදන්න කියලා යෑ.
අපි එතනට වෙලා කතා කර කර හිටියේ හෙට මෙනු එක මොකද්ද කියලා . සේනා දලබුවා නම් දාගෙන කොටනවා . උන්දැගෙ ෆේක් එකකින් චේතන එක්ක මල් කඩනවා .
සේසානයා නම් ඔහේ ඉදගෙන අහස දිහා බලන් ඉන්නවා . මොනා හිතනවද දන්නෙ නෑ .
මන් ඉදන් හිටියේ ලොකූගෙයි සුදූගෙයි මැද්දේ . ලොකූගෙ පපුවෙ පැත්තකට හේත්තු වෙලා ලොකූගෙ අතක් මගෙ ඉණ වටේ එතිලා . සුදුවගෙ ඉතින් අන්ඩක් කැඩිලනෙ . මන් ඈතින් ඉන්න එක එයාට හොදයි .
"බබා .. "
"ම්ම්ම්"
"මට හෙට ඉස්සො බැදලා ඕනේ හොදේ "
සුදු අයියා මා දිහා බලලා කිව්ව .
"තව මොනාද ඕනේ "
මන් එයා දිහා බලලා ඇහුවා . අපි හිටියේ ලයිට් එක ඕෆ් කරලා උනත් අනිත් ඇතුලේ ලයිට්ස් වලින් එන ලා එලියෙන් මට සුදු අයියාගෙ මූණ පෙනුනා .
එයා බලන් හිටියේ මගේ දිහා . ටික වෙලාවක් මගේ මූන දිහා බලාගෙන ඉදලා අත දිග ඇරලා මගේ නිකටින් අල්ල ගත්තා. එයාගෙ මහපට ඇගිල්ල මගේ යටි තොල උඩ යන්තමින් දැනෙනකොට එයාගේ ඇස් තිබ්බෙ බෑගෙට අඩවන් වෙලා මගේ තොල් උඩ .
"මේවත්" එයා ඇහෙන නෑහෙන ගානට මුමුණන ගමන් ඒ අඩවන් ඇස් උස්සලා මගෙ දිහා බැලුවා .
එයා මගෙ මූණට එබුනේ මාව පිටිපස්සට ගිහින් ලොකූගෙ පපුවට මගෙ පිට හේත්තු වෙනකොට .
එයා මගෙ තොල් අල්ල ගත්තා . උඩු තොලත් යටි තොලත් මාරුවෙන් මාරුවට සුදු අයියා උරනකොට , මගේ ඉණවටේ පැටලිලා තිබුන ලොකූගේ අත මගේ ඉණවටේ තවත් තද වෙනවා මට දැනුනා.
මන් ආපහු පෙරලා සිප නොගත්තත් මන් ඇස් පියාගෙන සුදූව වින්දා ඒ වගේම මගේ පිටට දැනෙන ලොකූගෙ උණුසුම වගේම හදගැස්මත් .
YOU ARE READING
නුඹ හා
Non-Fictionහුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන...