" ම්ම්ම්හ් "මන් ඇදේ හතර අතෙ අත් යව යව හෙව්වෙ ඒ දෙන්නව..
මොන මගුලෙ ගිහින්ද මන්දා...මේ නිවාඩු දවසෙ උදේ පාන්දර .. උන් දෙන්නා කපල් එකක් නිසා එයාලට නිදහසෙ ඉන්න දීලා මන් වෙන රූම් එකට යන්න හැදුවත් ඒ දෙන්නා මාව එයාලා දෙන්නා මැදම නිදි කරෝ ගත්තා...මුන් දෙන්නා මාව මැද තියන් චප්ප කරන හැටියට තව ටික කාලයක් ගියොත්නම් මන් චපාති එකක් වෙලා තමා නතර වෙන්නෙ..
චපාති කිව්වම තමා මතක් උනෙ ...අද උදේට චපාති කෑවා නම් හොදයි වගෙ...ආ ඒත් බෑනේ ගෙදර ගිහින්ම හදන්න ට්රයි කරන්න ඕනා..
මන් නැගිටලා ඔලුවත් කස කස ගියෙ බාතෲම් එකට...බාතෲම් එකේ දොරේ හැන්ඩ්ල් එක කරකවලා මන් දොර ඇරියා..
ඔහ් සුදු අයියා ඇතුලේ ..!!
තනියම නෙමේ හැබැයි ..!!
ලොකු අයියත් ඉන්නවා..!!
" ගුඩ් මෝනින් අයියේ "
ගුඩ් මෝනින් කියලා දෝර වහලා අඩිදෙකක් ඉස්සරහට ආවා...
පොඩ්ඩක් ඉන්න ඒ මොකද්ද උනේ
මන් නතර වෙලා ඔලුව කැසුවා..
සුදු අයියා ඇතුලෙ හිටියා...
හැබැයි තනියම නෙමේ..
ලොකු අයියත් ඇතුලෙ හිටියා..
මන් එයාලට ගුඩ් මෝනින් කිව්වා..
මොකද්ද එතන තියෙන වැරැද්ද ....
"අර්හ්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!"
තිබ්බ වැරැද්ද මොලේට ප්රොසෙස් වෙච්ච මට කෑ ගැහුන...
" ආහ්...ලොකූහ්...............මන් තමුසෙට කිව්වා....."
" ආව් සුදූ වැටෙයි යකෝ..."
ඒ අස්සෙ උන් දෙන්නත් කෑ ගහනවා...ඉක්මනට මෙතනින් මාරු වෙන තරමට නම්බුව තියාගෙන මූණ දෙන්න පුලුවන් ...
නෑ එක්කො නිදි වගේ උන්නා නම් හරි වgay ..මන් නින්දෙන් ඇවිදන් ගිහින් දොර ඇරියා..ඒතකොට මන් මුකුත් දන්නෙත් නෑ මට මතකත් නෑ...දැට්ස් නා......යිස් !!
තවත් සෑහෙන වෙලාවකට පස්සෙ දොර ඇරෙනවා මට ඇහුනා..
" ආයෙත් නිදිද " සුදු අයියා රහස් කොදුරනවා මට ඇහෙනවා...
YOU ARE READING
නුඹ හා
Non-Fictionහුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන...