එලවටත් නැති මෙලොවටත් නැති හැගීම් නිසා සමහර වෙලාවට අපි අන්ත විදියට අසරණ වෙනවා . පිටතින් කොච්චර හිනා වෙලා හිටියත් ඇතුලෙන් හදවත තොර තෝංචියක් නැතුව ඒ ගැනම කියවනකොට ඔලුවට මහම මහා වදයක් . කොච්චර නවත්ත ගන්න හැදුවත් නවත්ත ගන්න බෑ . නවත්ත ගන්න හදන හැම වෙලාවකම කලින්ටත් වඩා දරුණු විදිහට ඒ දේවල් හිතට වද දෙනවා . මන් මේ දවස්ගානක් තිස්සෙ කල්පනා කරන්නෙ මට දැනෙන්න ඕනේ නෑයි කියලා හිතෙන ඒත් මට දැනෙන හැගීම ගැන . ලොකු වගේම සුදූ ගැන මට දැනෙන හැගීම ගැන . ඒක සහෝදර කම නිසාද . නැත්තන් මට එයාලා ගැන ආකර්ශනයක් ඇති වෙලාද . එහෙමත් නැත්තන් මන් එයාලට ආදරේ කරන්න පටන් අරන්ද .
නෑ නෑ ආදරේ වෙන්න බෑ . ඒ දෙන්නා ගැනම මට එකම විදිහට නේ හිතින්නෙ . ලොවෙත් දෙන්නෙක්ට ආදරේ හිතෙන්න බෑ . ඒ මොන විකාරයක් ද ඒ..
"චූටි මොනාද ලමයො උඩ බලාගෙන කරන්නෙ "
මගෙ ඔලුවට දැනුන ස්පර්ශයට වගේම ඒ හඩට මාව ගැස්සිලා ගියා .
"මොකද බන් මේ . හොර වැඩක් කරපු එකෙක් වගේ කොයි වෙලෙත් ගැස්සෙන්නෙ "
ලොකූ නළලත් රැලි කරගෙන ඇහුවා .
"ම්.මොකුත් නෑ ලොකූ . මන් මේ නිකන් "
එයා ටික වෙලාවක් මගේ මූණ දිහා බලන් හිටියා .
"හ්ම්ම් ..නැත්තන් කමක් නෑ " ලොකු හුස්මක් පිට කරලා එයා මගේ අත් දෙක එයාගෙ අත් අතරට ගත්තා .
"හැබැයි මොනා හරි තිබ්බොත් හිතේ තියන් ඉන්නෙ නැතුව මට හරි සුදූට හරි කියන්න ඕනා හරිද " එයා දන්නවා මන් මොනා හරි හිතේ තියන් ඉන්නවා කියලා .
මන් හිනා වුනා .
මන් දන්නෙ නෑ ඒ කොහොමද කියන්න . හැබැයි ඒ දෙන්නට මාව දැනෙනවා ඒක මන් හොදටම දන්න දෙයක් .
මට පරිස්සමට ඉන්න කියලා නළලටත් හාදුවක් තියලා එයා හොස්පිට්ල් ගියා . සුදු අයියා නම් උදේ පාන්දරම ඔෆිස් දිව්වා මීටින් එකක් කියලා .
එදා එයාලගෙ කිචන් එකේ සීන් එකෙන් මාසයක් ගත වෙලා ගිහිනුත් මන් තාම පැටලිලා ඉන්න අවුල ලෙහා ගන්න ට්රයි කරනවා .
YOU ARE READING
නුඹ හා
Non-Fictionහුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන...