ඇගපතින් ලොකු උනාට හරියට පොඩි එකෙක් වගේ එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටපු කොල්ලා ගියේ තවත් ඒ වගේම හොදට ඇද පැලදගෙන සන්ග්ලාස් දෙකකුත් දාගෙන මෙච්චර සෙනගක් අස්සෙ කැපී පෙනෙන එයාට වඩා අගල් දෙක තුනක් උස කොල්ලෙක් ලගට . කනට කරලා මොනාදෝ කියලා ඒ කොල්ලා කොහාටදෝ අතුරු දහන් උනේ මන් අනිත් පිරිමි රූපෙ දිහා බලාගෙන කටකොනින් හිනා වක් නගා ගන්න කොට .
"මොකෝ චූටි පුතා තනියම හිනා වෙන්නෙ " මගෙන් එහා පැත්තෙ එලවලු තෝර තෝර හිටපු නැන්දා ඇහුවා..
"ආ...මම !! නෑ පුංචො " මම එහෙම කිව්වේ වටපිට බලන ගමන් වෙච්ච ලැජ්ජාව වහගන්න .
" ඔක්කොම ගත්තද පුංචො " ලොකූ ඇවිත් ඇහුවා.
"ඔව් .මේ ඇති යමු " බඩු බෑග් එක ලොකූට දෙන ගමන් පුංචා කිව්වා .
මගේ ඇස් ආයෙත් පොල පුරා දිව්වෙ ඒ දගකාර රූපේ හොයාගෙන .
අහ් මේ ඉන්නේ . පොඩි එකෙක් වගේමයි කරන වැඩත් . මෙච්චර වෙලා මන් හොයපු කෙනා සරුවත් කඩේ ලග .
"චේබි , සරුවත් බොනවා නේ ? "එයා මගෙන් ඇහුවා .ඔව් වෙන කවුරු ත් නෙවේ අපෙ සුදු අයියා .
මන් ලාවට හිනා වෙලා ඔලුව වැනුවේ ඔව් කියන්න .
දානේ ත් දීලා පහුවෙනිදා පාන්දර පුංචා වත් එයාපෝට් එකට දාලා අපි තුන් දෙනා කර ගන්න තිබ්බ වැඩ ඉවර කරගෙන නුවරඑළි එන්න පිටත් වෙනකොට හවස් වෙලා .
නුවර එලියටවුන් එක කියන්නෙම රෑට දිව්‍යලෝකයක් .සීතල නගරේ වැඩ ඇරිලා තමන්ගේ කබාය අස්සෙ ගුලි වෙලා බර අඩි තියමින් ඔලුවත් බිමට නවාගෙන සාක්කු අස්සෙ අත් ඔබාගෙන එයාලගෙම ලෝකෙක තනි වෙච්ච තරුණයෝ . කහපාටට සුදු පාටට බැබලෙන ලයිට් එලි . කඩේක රේඩියෝවකින් හීනියට ඇහෙන දෙමල සින්දුවක් . වඩේ බදින සුවදක් .මේ හැමදේම භාවනාවක් .හිතට නිවන චිත්‍රයක් වගේ හරියට .
"චූටි මැණික..." කවුරු හරි මගෙ උරහිසෙන් හොල්ලනකොට මන් ඇහැරුනා
"නැගිටපන් බන් ගෙදර ආවා " සුදු අයියා උන්නෙ මගෙ මූණට එබීගෙන
දෙන්නා එක්ක ඇදුම් බෑග් ඒ වෙනකොටත් ඇතුලට ගෙනියලා .
YOU ARE READING
නුඹ හා
Non-Fictionහුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන...