සුපුරුදු උනුසුම නැති ඇද පුරා අත් එහා මෙහා කර කර මන් ඒ උනුහුම හෙව්වා . ඒත් මුලු ඇදටම ඒ වෙනකොට ඉතුරු වෙලා හිටියේ මම විතරයි .
' හ්ම්ම් ' හුස්මක් හෙලපු මම අතපතගාලා පෝන් එක හොයාගෙන එක ඇහැක් බොහොම අමාරුවෙන් ඇරලා වෙලාව බැලුවා .
9:59යි .
තාමත් මත මත වගේ .
ඊයේ රෑ 11 වෙනකොට මගෙයි සුදු අයියගෙයි පෝන් රාජසන්තක කරපු ලොකු අයියා රෑ වෙනකන් පොන් එබීම සපුරා තහනම් කරා . මූණු හට්ටි කර ගත්ත අපි දෙන්නා ඇදට වෙලා ඔරවගෙන හිටියා . ටික වෙලාවකින් සුදු අයියා නින්දට වැටුනත් මන් ඒ දෙන්නටම මැදි වෙලා ඇහැරගෙන හිටියා . මට ඉතින් නින්ද යන්නෙ නෑ කියලා මෙයාලා දන්නේ නෑ නේ .
සුදු අයියාමගෙ ඉනවටේ අත් පටලගෙන කකුලකුත් ඇගට දාලා බෙල්ලෙ මූණ ඔබාගෙන සැපට නිදා ගන්නකොට ලොකු අපි දෙන්නවම ඒ අත් දෙකෙන් බදාගෙන මගෙ ඔලුව උඩින් නිකට තියා ගෙන නිදි .
මන් ඉතින් ගිරේට අහුවුන පුවක් ගෙඩිය වගේ අර අපේ ලොක්කගෙ සුදු මහත්තයගෙ හුස්ම පාර ට බෙල්ල කිති කැවුනත් හැරෙන්න පෙරලෙන්න වත් බැරුව හිටියා .
මට කීයට නින්ද ගියාද කියන්න නොදන්න මන් ආයෙමත් ඇහැරුනේ සුදූගේ හඩට .
" චූටී මැනික ..කෝ නැගිටින්නකෝ "
"ම්ම්හ්"
"අපි යනවා ලමයො පරිස්සමට ඉන්න " කියලා මගෙ නහය උඩට කිස් එකක් තියලා එයා එහාට උනාම ලොකූ කතා කරා
" කෝ දරුවෝ ඇහැරලද ඉන්නේ ? "
" ම්ම්" ඇස් ඇර ගන්නවත්බැරි තරමට නිදිමතෙ උන්න මම කෙදිරි ගෑවා
" කන්න හොදේ අපි එන්නම් පුලුවන් ඉක්මනට . පරිස්සමට ඉන්න එතකම් "
"හ්ම්ම්"
මගේ නලලට සීතල තොල් දෙකක් තද වෙනවා දැනුනත් ලාවට ඇහිලා නෑහිලා යන කටහඩ වල් එක්ක මට ආයෙමත් නින්ද ගියා .
සුදු අයියාට ජොබ් ඉන්ටවිව් එකක් ලැබිලා තියෙනකොට ලොකු අයියා මෙහෙ හොස්පිට්ල් එකෙ වැඩ බාර ගන්න ගියා .
වොශ් දාලා කිරි එකකුත් හදන් ඇවිත් වට්පෑඩ් එකට රිංග ගත්තේ පේවරිට් කතා ටික කියවන්න ..
YOU ARE READING
නුඹ හා
Non-Fictionහුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන...